අහුලගත්ත ගොසිප්

මට දුන්න දුක් ගින්නෙන් රටම වසඟයට ගත් ටික්ටොක් තරුව අමීෂ මිනෝල්

අමිශ මිනෝල් කියලා කියන්නේ tik tok සමාජ මාධ්‍යයෙන් කරළියට පැමිණි, ලොවක් වසඟ කළ හැකි ගැඹුරු, ලයාන්විත කටහඬකට උරුමකම් කියන, යොවුන් ,කඩවසම් තරුණයෙක්.

මේ දිනවල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්ව තිබෙන මේ තරුණයා පිළිබඳව කතා බහ කරන්න අද අපි සිතුවා. ගායන ශිල්පී දමිත් අසංකගෙ “මට දුන්න දුක් ගින්න…” ගීතය ගායනා කර ටික් ටොක් මාධ්‍යයට එක් කරන ඔහුගේ එම වීඩියෝ පටය

නොසිතූ ලෙස viral වෙන්න පටන් ගන්නේ ඔහුගේ ඇති ආකර්ෂණීය කටහඬ,සිත්ගන්නා සුළු ඉදිරිපත් කිරීම සහ කඩවසම් රුව නිසාමයි.

ඉන්පසු බොහෝ දෙනකු ඔහුව හඳුනා ගන්නා අතර පසුව ඔහු ගායනා කළ සියලුම ගීතයන් එක හා සමානව ප්‍රේක්ෂකයින් වැළඳ ගනු ලබනවා.

ඒ වගේම ඔහු විසින් කරගෙන තිබූ tattoo විලාසිතාවේ ඡායාරූප යන්ද සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් හුවමාරුවනු අපට දක්නට ලැබුණා.

ටික් ටොක් ,ෆේස්බුක්, යූටියුබ් වැනි සියළුම සමාජ මාධ්‍යයන් තුළ මේ දිනවල තරුවක් වී සිටින අමිශ පසුගිය ඉරුදින (2022.03.06) එච්. ආර් ජෝතිපාල මහතාගේ “රත්තරන් පෙම් පුරානේ…” ගීතය “හිරු ස්ටාර්” වේදිකාවේ ගායනා කරමින් “හිරු ස්ටාර් season 3” පළමු තරග වටයේ ලබා ගත් ඉහළම ලකුණු ප්‍රතිශතය ලෙස 94%ක ලකුණු ප්‍රතිශතයක් වාර්තා කිරීමට සමත් වනු ලබනවා.

“නැවතත් එම ගීතයේ corus කොටස මට ගායනා කර පෙන්වන්න පුලුවන්ද.එය මට නැවතත් රසවිදීමට ආසයි.” යනුවෙන් විනිශ්ච මණ්ඩලයේ අමල් පෙරේරා ගෙන් ඇරයුම් ලැබීමට තරම් වාසනාවන්ත වන එම තරග වටයේ එකම තරගකරුවා ද ඔහුයි.

ඒ වගේම අමල් පෙරේරා වැනි දක්ෂ ,ප්‍රවීණ ගායන ශිල්පියෙකුගෙන් “මුගෙ වොයිස් එක මරු බං.” යනුවෙන් ඉහළ ප්‍රතිචාරයක් ලබා ගැනීමට තරම් ඔහුගේ කටහඬ ප්‍රබල වනු ලබනවා.

“හිරු ස්ටාර් සීසන් 2” හි කිරුළ දිනා ගත් උදාර කෞශල්‍ය මුල් තරග වටයේ සිට වාර්තා කළ ඉහල ලකුණු ප්‍රතිශතයන් මෙන් අමිශ මිනෝල් ද වාර්තාගත ලකුණු පිහිටුවමින් තරු සලකුණු පෙන්වනු ලබනවා කිව්වොත් නිවැරදියි.

ඒ වගේම ඔහු ලද ප්‍රේක්ෂක ඉහළ ලකුණු තුළින් ඔහු හට ඇති ප්‍රේක්ෂක ආදරය, ආකර්ෂණය පිළිබඳව ද මනා ලෙස පිළිබිඹු වනවා. ඉතින් ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳව කතා කළහොත්

මේ වන විට සෞන්දර්ය කලා විශ්වවිද්යාලයේ ප්‍රථම වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන අමිශ ගායනයට මෙන්ම තබ්ලා, ගිටාර්, බටනලාව වැනි වාද්‍ය භාණ්ඩ වාදනයට ද අතිශයින් දක්ෂතා දක්වන බව මේ වන විට ඔහු වටා එක් රොක් වී සිටින ප්‍රේක්ෂකයින් නොදන්න කෙනෙක් නැහැ.

කෑගල්ල පුරවරයේ බුලත්කොහුපිටිය නම් සුන්දර ප්‍රදේශයේ වාසය කරන ඔහු මව, පියා සහ වැඩිමල් සොයුරියක ගෙන් යුත් පවුලේ බාල සහ එකම පිරිමි දරුවායි.

ඒ වගේම ඔහුගේ පියා ශ්‍රී ලංකා පොලිස් නිලධාරියකු ලෙස සේවය කරන බව හා සොයුරිය පෞද්ගලික ආයතනයක රැකියාවක් සිදු කරන බවයි ඔහු කියා සිටියේ.

කුඩා කල සිට සංගීත අංශයන්ගෙන් දක්ෂතා දක්වා ඇති ඔහුගේ සිහිනය වී ඇත්තේ ද සංගීතය පැත්තෙන් ඉදිරියට යෑමට බව හා ඔහු පාසල් කාලයේ විවිධ තරගයන්ට සහභාගීව ජයග්‍රහණ රාශියක් ද ලබා තිබෙන අතර,

ඉන් කිහිපයක් ලෙස 2018 වසරේ ඒකල වාදන බටනළා අංශයෙන් සංගීත් ප්‍රවීන් සම්මානය හිමිකරගැනීම, 2019 සමස්ත ලංකා බටනළා අංශයෙන් ප්‍රථම ස්ථානයට හිමි කිරුළ හිමිකර ගැනීම සහ සමූහ ගායනා ,ජන ගායනා තරග යන්ගෙන් ජයග්‍රහණ රාශියක් ලබා ගැනීම හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම මේ වන විට ඔහු සංගීතය පිළිබඳ විශාරද විභාගයෙ පළමු විභාගය සම්පූර්ණ කර සිටින බවයි කියා තිබුණේ.

ඉතින් මේ දිනවල බොහෝ තරුණියන් උමතු කරවීමට සමත්ව තිබෙන ඒ සොඳුරු හඬ පෞර්ෂයට හිමිකම් කියන කඩවසම් තරුණයකු වන අමිශ මිනෝල් ගේ ඉදිරි ගමනට අපි ඔහුට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button