
අපේ රටේ ප්‍රේක්ෂක ජනයා අතර ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක් වශයෙන් මෙන්ම රංගන ශිල්පිනියක් වශයෙන් ද කටයුතු කරන සුන්දර යූවතියක් ලෙස මේනකා මධුවන්ති හඳුන්වන්න පුළුවන්.
රංගනයට පිවිස කෙටි කාලයක් තුළදී තමන්ගේ ජනප්‍රියත්වය මෙන්ම ප්‍රේක්ෂක ආදරය ද දිනා ගැනීමට ඇයට හැකි වුණා. ඇය වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගිය චරිතයක් බවට පත් වූයේ මෙරට සිනමා රසිකයන් වඩාත් ආසාවෙන් නැරඹූ කොළඹ සන්නිය, රිටර්න්ස් වැනි විනෝදාත්මක සිනමාපට සඳහා ඇයගේ රංගන දායකත්වය ලබාදී තිබීමයි.
රංගන කටයුතුවලට අමතරව නිරූපණ ක්ෂේත්‍රය තුළද ඇය කටයුතු කරන ලද සුන්දර සුරූපී යුවතියක් වනවා. නමුත් අද වන විට සිනමා කෘති ඔස්සේ ඇයගේ රංගනය ප්‍රේක්ෂකයාට දැකගැනීමට නොහැකි වී ඇත්තේ රංගන කටයුතුවලින් ඇය ඉවත් වී සිටීමයි.

ඒ ආකාරයෙන් රංගන කටයුතුවලින් ඉවත්වීම සම්බන්ධයෙන් ඇය අදහස් පළ කිරීමේ දී කියා සිටියේ ඇය ඒ වන විට ඉතාමත් කාර්යබහුල කෙනෙකු බවත් ඇය විසින් ඇයගේ එම රූපලාවණ්‍යගාරය මේ වන විට පවත්වාගෙන එන බවත්ය.
ඇයගේ එම රූපලාවණ්‍යගාරය දියුණු තත්ත්වයට ගෙන ඒමට ඊට අවශ්‍ය නිසා රංගන කටයුතු කටයුතුවලින් අෑත් කටයුතු වලින් ඈත් වන්නට සිදු වූ බවත් ඇය මතක් කර සිටියා.
රංගන කටයුතුවලින් ඈත් වී තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යාම පිළිබඳ ඇය අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි “අද කාලේ කලාවෙන් විතරක් ජිවත් වෙන්න ටිකක් අමාරුයි. ඒ නිසා ව්‍යාපාරයක් තියනවා නම් ඒක තමාට ලොකු ශක්තියක් කරගන්න පුලුවන්.”

ඇය තවත් අවස්ථාවකදි තම අදහස් පළ කිරිමකින් කියා සිටියේ තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන්ගත්තාම කවදාවත් ඒ දේ අපිට නැතිවෙන්නේ නැති බවත්,
ලංකාවේ කලාකරුවන්ගේ අනාගතේ අවිනිශ්විත බවත් සහ වයසට ගියාම මොනවත් නැති කලාකරුවෝ අපේ රටේ ඕනේ තරම් ඉන්නා බවත්ය. කෙසේ වෙතත් අදටත් ප්‍රේක්ෂයා අතර ජනප්‍රිය ඒ් සුන්දර මේනකාගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.









