“මට අවශ්‍ය ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් වෙන්න. “ The Voice Sri Lanka ජයග්‍රහණය කළ හරිත් විජේරත්න

විවිධ රූපවාහිනී නාලිකා වල රියැලිටි තරගාවලි ගණනාවක් පවත්වනු ලබන අතර රසික රසිකාවන් විශාල පිරිසකගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද බොහෝ ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹන රියලිටි තරඟාවලියක් ලෙස සිරස නාළිකාවේ විකාශය වන ” සිරස වෝයිස් ශ්‍රී ලංකා ” වැඩසටහන පෙන්වා දෙන්නට පුළුවන්.
ගායනයට දක්ෂ අපේ රටේ තරුණ පරම්පරාවේ දක්ෂ යෙන් ගණනාවක් මෙම තරඟාවලියට සහභාගිවීම දක්නට ලැබූ අතර එකිනෙකට වෙනස් දක්ෂතා රැසකින් පිරි තරුණ පරම්පරාව නියෝජනය කරන ලැබූ තරඟකරුවන් ගණනාවක් මෙහි දී රටේ ප්‍රේක්ෂක රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වූ අතර ඔවුන් අතර ඉතාමත් කෙටි කාලයක් තුළදී දැන් අපි චරිත බවට ද පත් වන්නට වුණා.
කෙසේ නමුත් පසුගිය දිනක මෙම ” සිරස වෝයිස් ශ්‍රී ලංකා “තරගාවලියේ අවසන් වටයේ තරගාවලිය පැවැත් වූ අතර මෙහිදී ජයග්‍රහණය හිමි කර ගනු ලැබුවේ හරිත විජේරත්න විසිනි.
ඉතාමත් සුවිශේෂී ගණයේ හඬ පෞරුෂයක් හිමි හරිත විජේරත්න තම ජයග්‍රහණය සම්බන්ධයෙන් පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් තම අදහස් දැක්වීමක් සිදු කරනු ලැබුවා.
උමාරියා ගේ කණ්ඩායමෙන් තරග වැදුණු ඔහු සමස්ත තරගාවලියේ තරගාවලියේ ම ජයග්‍රහකයා පවට පත්වීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටට පත්වෙන බවත් කෝච් උමාරියා සහෝදරියක් අම්මා කෙනෙකු වශයෙන් ඔවුන්ට දැක්වූ සහයෝගය ඉතාමත් ඉහළින් අගය කරන්නට වුණා.

මෙම තරගාවලියේ දී සියලු දෙනාගේ ම සහාය ඇතිව ගිය දිගු ගමනක් වූ බවත් අනෙකුත් තරගකරුවන් තරගකරුවන්ට වඩා මිතුරන් ලෙස සමීපව කටයුතු කළ බවත් ඔහු ආදරයෙන් මතක් කර සිටියා.
හරිත විජේරත්න යනු වෛද්‍ය වෘත්තියේ නියැලෙන පුද්ගලයකු වන අතර වෛද්‍ය වෘත්තිය සහ ගායන වෘත්තීය සමබරව සමබරව සිදු කරගෙන යමින් ඉදිරියට යාමට කටයුතු කරන බවත් ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී පවසා තිබුණා.
අන්තර්ජාතික වේදිකාවක් මත තම දක්ෂතා පෙන්නුම් කිරීමට හැකිවීම හැකිවීම සම්බන්ධයෙන් සහ එහිදී ලබාගත් අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් ඉදිරියේ දී ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙකු වශයෙන් ඉදිරියට යාමට කටයුතු කරන බවත් හරිත් අදහස් දැක්වීමේ දී පවසා තිබුණා.
විස්තර ලබා ගැනීම – ‘හදගැස්ම’ ඇසුරිනි








