අහුලගත්ත ගොසිප්

ලෝචනෑ පුතා එක්ක ලංකාව වටේම ඇවිදිමින් ගෙවන සුන්දර ජිවිතේ

නව පරපුරේ, රංගන ක්ෂේත්‍රයේ සිටින දඟකාර මෙන්ම කටකාරම රංගන ශිල්පිනිය ඇයයි.ඉතින් එහෙම කිව්වම මුලින්ම කාගෙත් මතකයට එන රංගන ශිල්පිනිය තමයි ලෝචනා ඉමාෂි කියලා කියන්නේ.

පුංචි තිරයේත් ,රිදී තිරයේත් සිටින දක්ෂ මෙන්ම බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය ඉතා නිහතමානී, සංවේදී හදවතක් හිමි සොඳුරු රංගන ශිල්පිනියක් බව ඇගේ රසිකයන් නොදන්න කෙනෙක් නැහැ.

නිරන්තරයෙන් නැති බැරි පුද්ගලයින් හට පිහිට වීමට ලැබෙන අවස්ථා මඟ නො හරිනා ඇය ඇයගේ නමින් සමාජ සත්කාර සේවා වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඒ හරහා සුවහසක් අසරණ පුද්ගලයින් හට පිහිට වී තිබෙන බව නොරහසක්.

ඒ වගේම මේ වනවිට සුන්දර යුග දිවියක් ගත කරන ඇය සුරතල් පුංචි පුතකුගේ මවක් ද වන බව ඔබත් දන්නවා ඇති. විවාහයෙන් පසු නිතර නිතර විදේශගතවන ඔවුන්ට පසුගිය කොවිඩ් සමයේ රටවල් දෙකක තනි වීමට සිදුවන්නේ රටවල් අතර සංචාරය තහනම් කිරීම නිසයි.

ලංකාවට පැමිණ වසර දෙකක් පමණ කාලයක් තම ආදරණීය සැමියා හා පුතු හමු වීමට නොහැකිව බොහෝ දුකින් කාලය ගත කළ ඇයගේ සිත වසර දෙකකට පසු යළිත් සතුටින් පිරී යන්නේ පසුගිය දිනක සැමියා සහ පුතුට ලංකාවට පැමිණීමට හැකි වීමත් සමඟයි.

ඉතින් මේ දිනවල ඔවුන් සමග සතුටින්, විනෝදයෙන් කාලය ගත කරන ඇය තම පුතු සමඟ බොහෝ තැන්වල සංචාරය කර ඡායාරූපයන් රැගෙන සමාජ මාධ්‍යන්ට මුදා හැරීමටද අමතක කරන්නේ නැහැ.

ඉතින් කලකට පසුව ලද සතුට උපරිමයෙන් භුක්ති විඳින ,සැවොම ආදරය කරන මේ සුරූපී ,දඟකාර, කටකාර රංගන ශිල්පිනිය ලෝචනා ඉමාෂි ට හැමදාමත් මේ ලෙසටම සතුටින් ඉන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button