
සමිතා අතුල යන නම් දෙක නම් දෙක කාලයක් අපේ රටේ සංගීත ක්ෂේත්රයේ නොමැකෙන මතක සටහන් ගණනාවක් තබන ලද සුන්දර ආදරණීය කලාකරුවන් දෙපලක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.
අද වන විට සමිතා මුදුන්කොටුව මහත්මිය සහ අතුල අධිකාරි මහතා වෙන්ව සිටියත් ඔබගේ ආදරණීය මතකයන් මෙරට ප්රේක්ෂකයාගේ හදවත් තුළ අදටත් පවතිනවා.
ආදරණීය ගායන යුවළක් වන මොවුන් දෙපළගේ සුන්දර ගීත ගණනාවක් අදටත් මෙරට රසික රසිකාවියන්ගේ හදවත් තුළ නොමැකෙන මතක සටහන් සේ පවතින අතර එදා ලැබුණු ජනප්රියත්වය ඒ අයුරින් ම අදටත් ඔවුන්ගේ එම ගීත වලට ලැබෙනවා.
හදවතේ රැඳුණු ආදරණීය ගායන යුවළක් වන මොවුන්ගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් ගැටලු නිසා අද වන විට වෙන් වී සිටින නමුත් සමිතා මුදුන්කොටුව මහත්මිය මේ වන විට තමන්ගෙ අලුත් සැමියා සමග තම දරුවන් දෙදෙනාත් සමග ඉතාමත් සතුටින් කාලය ගත කරනු ලබනවා.
සමිතා අතුල විවාහයෙන් වෙන් වී මේ වන විට සිටියත් ඔවුන් අතර ඇති යහළුකම නම් අඩුවක් නොමැති බව මේ දිනවල කාටත් දකින්නට ලැබෙන්නේ සමිතා මුදුන්කොටුව මහත්මිය සහ අතුල අධිකාරි මහතා එක්ව රසික රසිකාවියන්ට මේ වසරේ ගෙන ආ සුන්දර යුග ගීතය නිසයි.
“ආයෙමත් ආදරෙන්” ගීතය මොවුන් දෙපළගේ කටහඬ සුසංයෝගයෙන් වෙනස්ම ආකාරයෙන් ගැන සුන්දර ගීතයක් වූ අතර මෙය යූටියුබ් නාලිකාව ඔස්සේ මේ වන විට විශාල ප්රේක්ෂක පිරිසක් නරඹන ලද ගීතයක් බවට ද පත්වී තිබෙනවා.
ඉතින් විශාල ප්රේක්ෂක පිරිසක් නැරඹීම නිසා මෙම ගීතය trending 1 වීමට ද සමත් වී තිබෙනවා. ඉතින් මේ සතුට ඔවුන් පසුගිය දිනෙක සමරන්ට කටයුතු කර තිබුණා.
මේ සතුට සමරන්නට සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය සැමියා අතුල් අධිකාරි මහතා, සමිතාගේ දියණිය මෙන්ම ඔවුන්ගේ යහළුවන් පිරිසක් මේ සඳහා සහභාගී වී තිබූ බව දක්නට ලැබුණා









