
ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින අප රටේ සිටින අති දක්ෂ, නිහතමානී කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ. එම පවුලේ කුඩාම සාමාජිකයා තමයි සජිත අනුත්තර ඇන්තනී කියලා කියන්නේ.
ප්‍රේක්ෂක ආදරේ නොමදව දිනා සිට ඔහු උපතින්ම ලද දක්ෂතාවයන් සමඟ තම ආදරණීය මව ,පියා හා වැඩිමල් සොහොයුරා හා සොහොයුරියගේ හැකියාවන්ට නොදෙවෙනි තරම් රංගනයට මෙන්ම ගායනයට,නර්තනයට මෙන්ම නිවේදනයට ද දක්ෂතා දක්වන කඩවසම් තරුණයකු බව ඔබත් පිළිගනු ඇති.
මේ දිනවල බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ටෙලි නිර්මාණයක් වන ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන “නාඩගම් කාරයෝ” ටෙලි නිර්මාණයෙහි “සරා” නම් චරිතයට ජීවය එක් කරමින් මේ දිනවල වඩාත් ජනප්‍රිය රංගන ශිල්පියා බවට පත්ව තිබෙන ඔහු
ටෙලි නිර්මාණ ,සිනමා නිර්මාණ අතිවිශාල ප්‍රමාණයක් මගින් රසික හදවත් තුළ නොමැකෙන නාමයක් සනිටුහන් කිරීමට සමත්කම් දක්වා තිබෙනවා.
ඉතින් මේ කඩවසම් රංගන ශිල්පියා මේ වන විට ඉතා සුන්දර යුග දිවියක අයිතිකාරයකු වන අතර ඔහුගේ අත ගැනීමේ වාසනාව උදා කරගෙන තිබෙන්නේ ඉතා සුරූපී, හුරුබුහුටි තරුණියක වන බුවනි විසිනුයි.
ඉතින් මේ වන විට ජැක්සන් ඇන්තනි මහතා සහ කුමාරී මුණසිංහ මහත්මිය දෙවැනි වරටත් මිත්තනුවන් සහ මිත්තණිය තනතුරු සඳහා සූදානම් වන බවයි අපට දැනගන්න ලැබුණේ.
බුවනි විසින් සමාජ මාධ්‍ය ජාලා සඳහා මුදා හැර තිබූ අලුත්ම සුබ ආරංචිය තමයි “අපි තුන්දෙනෙක් වෙන්නයි යන්නේ” යන ආරංචිය. සජිත එවැන්නක් සඳහන් කර නොතිබුණත්,..
බුවිනි විසින් සඳහන් කර තිබූ එම සුභ පුවතට ඔවුන්ට ආදරය කරන සුවහසක් රසිකයින් ද බොහෝ සෙයින් සතුටට පත්ව ඔවුන්ට සුබ ප්‍රාර්ථනා එක් කර තිබුණා.
ඉතින් ඔවුන්ගේ සුන්දර පවුලට එක් වෙන්න නියමිත වාසනාවන්ත අලුත් අමුත්තාට සහ ඔවුන්ගේ ඉදිරි අනාගතයට අපිද සුභ පැතුම් එක්කර සිටිනවා.








