ගොසිප් පුවත්තරු ගොසිප්

ප්‍ර‍සංග වේදිකාව නිසා අදටත් ජනප්‍රියත්වය එලෙසින්ම රදවාගෙන ඇති සූරූපී ගායිකා ජින්ජර්

මෙරට සංගීත වේදිකාව තුළ මැයගේ කටහඩින් ගීතයක් ඇසුවේ නැති නම් රසිකයින්ට එය අඩුපාඩුවකි. ඊට හේතුව වන්නේ තමන්ගේ සුන්දරත්වයත් සමග එම කටහඩ එකතු වු විට එම ප්‍රසංගයට එක් වන්නේ වෙනස්ම විදිහේ අලංකාරයකි.

දගකාර, කටකාර සුන්දර ගායිකාවක් වන ඇය නමින් ජින්ජර් වයිට් ‍වේ. මෙරට ප්‍ර‍සංග වේදිකාව තුල සිටින දැවැන්ත චරිතයක් ලෙසත් ජින්ජර් හදුන්වන්න පුළුවන්.

නමුත් පසුගිය දින වල මෙරට පැවැත්වු ප්‍ර‍සංග වේදිකා සංගීත වැඩසටහන් ඔස්සේ ඇයව වැඩි වශයෙන් දැක ගැනීමට නොහැකි වුනේ බොහෝ වේලාවට ඇය ප්‍ර‍සංග කිහිපයක් සදහා විදෙස් ගත වී සිටිම හා විවිධ සංගීත කටයුතු නිසා කාර්යබහුල වී සිටිම නිසාත්ය.

මාධ්‍ය තුළින් ඉතා අල්ප වශයෙන් දැකීමට හැකි ගායන ශිල්පිනියක් වුවත් ඇයට ආදරය කරන ඇයගේ ගීත රස විදිමට කැමති බොහෝ පිරිසක් ඇය වටා රොක් වන්නේ වේදිකාව ඔස්සේ ය. ඇය ඒ පිළිබද මේ  විදිහට මතක් කර සිටියා.

‘‘කොහොමත් මම මාධ්‍ය වල වැඩිය පෙනී ඉන්න කැමති කෙනෙක් නෙවෙයි. බොහොම අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ ’’ජින්ජර් කියන සුන්දර ගායිකාව වඩාත් රසිකයින් අතර ජනප්‍රිය වන්නේ වේදිකාව හැඩ කරන දගකාර චරිතයක් වීම නිසයි.

ප්‍ර‍සංග වේදිකාව තුළදී ඇය මේ තරම් ජනප්‍රිය චරිතයක් බවට පත් වීම සදහා ඇයට සහය වු අපේ රටේ ප්‍ර‍විණ ගායන තරුවක් වන මීට දින කිහිපයකට පෙර අප අතරින් සමුගෙන ගිය සුනිල් පෙරේරා මහත් ඇයට මහත් සේ උදව් උපකාර කළ බවත්, එතුමාගෙන් සංගතී ජිවිතය ගැන බොහෝ දේ ඉගන ගත් බවත් ඇය තමන්ගේ මතකය අවධි කරා.

‘‘සංගීතය ගැන මම ගොඩක් දේවල් ඉගනගත්තා. වේදිකාව ගැන වාගේම ප්‍රේක්ෂකයාට දැනෙන විදියට ගීත ගායනා කරන්න වේදිකාවේ හැසිරෙන විදිය වගේ බොහෝ දේවල් මම ඉගනගත්තේ සුනිල් අයියගෙන්. ’’

තමන්ගේ රසිකයින් ගායනයෙන් පිනවමින් ඔවුන්ට විනෝදයක් ලබා දීම සදහා හිත දැනෙන ලෙස ගීත ගායනා කරන අදටත් එදා මෙන්ම සුන්දර ගායිකාවක් ලෙස සිටින ජින්ජර් ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button