කටකාර දඟකාර චරිතයක් ඔස්සේ රසිකයන් අතරට පිවිසි සුන්දර රංගන ශිල්පිනිය සංජානා ගමආරච්චි

අපේ රටේ ටෙලි නාට්‍ය රැසකින් මේ වන විට අලුත් මුහුණු ගණනාවක් දැක ගැනීමේ හැකියාව තිබෙනවා. අපි මේ කතා කරන ඇයත් ඒ ආකාරයෙන් රංගනයට පිවිසි අලුත් යොවුන් සුන්දර රංගන ශිල්පිනියක් වේ.
ඇය නමින් සංජානා ගමආරච්චි වේ. ඇයගේ සුන්දර රංගනයන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වන්නේ ‘දිවිතුරා’ නාට්‍යයේ ටීනාගේ චරිතය හරහා වේ.
ඇය පිළිබද කතා කිරිමේදි 2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් තෙවැනි ස්ථානය දිනා ගැනීමට මේ සුන්දර යුවැත්තිය සමත් වනවා. මේ හේතුවෙන් ඇයට රංගන කටයුතු සදහා පිවිසිමේ අවස්ථාව උදා වනවා.

‘දිවිතුරා’ නාට්‍යයේ ටීනාගේ චරිතයට පණ පොවන ඇයට හිමි වී ඇත්තේ දඟකාර, කටකාර, විසේකාර චරිතයක් නිරුපණය කිරිම වන අතර එම චරිතය සදහා ඇය සදාරණක්වයක් ඉටු කරනු ලබයි.
මේ චරිතය නිසා ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රේක්ෂකයන් අතර ආදරණීය චරිතයක් බවට පත් වීමට හැකි වු බව ඇය පවසන්නේ ඉතාමත් සතුටිනි.

ඇයගේ තමාගේ චරිතය පිළිබද මතක් කර සිටියේ මේ ආකාරයටයි.
“සංජානාත් ටීනා වගේම කටකාර දඟකාර චරිතයක්. රඟපාන විදියෙන් තමා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ නැත්නම් එකම වගේ.”
ඉදිරියේදීත් රංගන කටයුතු සදහා යොමු වන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටින අතර ඇය එහිදි වඩාත් අශාවෙන් සිටින්නේ ඇයට මෙතෙක් නොලැබුණු අහිංසක හෝ නපුරු චරිතයක් රංග දැක්වීම සදහා වේ.
මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය, රංගනය, නිවේදන ආදි මේ සියලු ක්ෂේත්‍ර වලම නියැලි සිටින ඇය ඉදිරි දිනයකදී අයගේම ව්‍යපාරයක් ආරම්භ කිරිම සදහාද කටයුතු යොදමින් සිටි.









