
පුංචි තිරයත් ,රිදී තිරයත් ,වේදිකාවත් යන ත්‍රිත්වයෙන්ම රංගන ශ්‍රේෂ්ත්‍රය ජයගත් ඇය තම වැඩිමල් සොයුරියගේ අඩි පාරේ යමින් රංගනයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන නාමයක් තැබීමට සමත්ව තිබෙන රංගන ශිල්පිනියන් කිව්වොත් නිවැරදි.
ඇය තමයි අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනී මනීෂා නාමල්ගමගේ ගේ ආදරණීය නැඟණිය කාංචනා කාන් කියලා කියන්නේ. “මේක පුදුම කතාවක් ” සිනමා නිර්මාණයෙහි “සොනාලි” නම් චරිතය හරහා ඔබ හමුවට පැමිණ තිබෙන ඇය ඒ හරහා රංගන දිවිය වෙනස්ම මානයකට යනු ඇතැයි බලාපොරොත්තු වන බවයි කියා සිටියේ.
ඒ වගේම “නිරාවරණය” නම් ටෙලි නිර්මාණය හරහා අති විශාල ප්‍රේක්ෂකාගාරයක් ඉතා ආදරයෙන් වැළඳ ගන්නා,හඳුන ගන්නා ඇයට “හදවතේ කතාව” ටෙලි නිර්මාණයෙහි “කාන්ති”නම් නපුරු චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂකයින්ගෙන් දොස් ඇසීමට ද සිදු වනවා.
ඒකාකාරී චරිත යන්ට කොටු නොවී විවිධාකාර වූ චරිතයක් හරහා ඔබ හමුවට එන ඇය රංගනයට අමතරව නර්තනයටද උපන් හපන්කම් දක්වන බවයි අපට දැනගන්න ලැබුණේ.
කුඩා කල සිට නර්තනය හදාරා ඇති ඇය ආචාර්ය උපුල් අරුණශාන්ත යටතේ බැලේ නර්තනය ද හැදෑරූ බවයි කියා සිටියේ. ඒ වගේම තම ස්වෝත්සාහයෙන් උනන්දුව, උත්සාහය මෙන්ම කැපවීම නිසාම මෙතරම් දුරක් පැමිණ තිබෙන ඇය
කිසිම අවස්ථාවක තම සොයුරියගේ නම භාවිතා කරන අංඟන අවස්ථාවන් ලබාගෙන නොමැති බවයි කියා සිටියේ. ඉතින් මේ අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනිය කාංචනා ගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ පැතුම් එක්කර සිටිනවා.








