
කඩවසම් පෙනුමත් බොහෝ දෙනා වහී කරන වෙනස්ම විදිහේ කටහඬක් ඇති එවුන් ගායකයෙකු වශයෙන් සචිත් පීරිස් හඳුන්වන්න පුළුවන්.
එදා මෙන්ම අදටත් යොවුන් පරපුරේ බොහෝ දෙනා අතර බොහෝදෙනා අතර ජනප්‍රිය වී ඇති සචිත් ගේ වෙනස්ම ගීත සඳහා ලැබෙන ප්‍රතිචාර වල අඩුවක් දකින්නට නොමැත.
ඔහුගේ සංගීත රටාවන් වල ඇති ආකර්ශණිය බව නිසාම බොහෝ දෙනා ඔහුගේ ගීත වලට කැමැත්ත දක්වනවා. සංගීතයම තමන්ගේ ජීවිතය කරගෙන විවිධ ගීත ගණනාවක් මෙරට රසික රසිකාවියන්ට දයාද කර මේ යොවුන් චරිතය පසුගිය කාලය පුරා වැඩිය දකින්නට නොලැබුන චරිතයක් බවට පත් වූයේ ය ඔහු මුහුණ දුන් අසීරු කාලය නිසාය.

ඒ ඔහුට වැරදුණු දරුණු රෝගී තත්ත්වයත් නිසා ඔහු කාලයක් සංගීත කටයුතු වලින් ඈත් වී සිටිනවා. නමුත් නැවතත් සංගීත ලෝකෙට පිවිසීමේ ගායක සචිත් පිරීස් තමන්ට මගහැරුනු සංගීත ජීවිතේ යළිත් ආරම්භ කර තිබෙනවා.
මේ නිසාම ඔහු මතක් කර සිටියේ මාසෙකට වතාවක් හෝ ගීතයක් නිර්මාණය කිරීමට තමන් බලාපොරොත්තු වී සිටින බවයි.
මෙරට ගායකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂකයෙකු වන සචිත් පසුගිය වසර අවසානයේ දී “මිනිස්කම්” නැමැති ගීතය එළි දක්වා තිබූ අතර එය ඔහුගේම දෙවන ස්වත්‍රන්ත නිර්මාණයක් වුනා.
තවමත් යොවුන් වියේ පසුවන මොහු සංගීත අධ්‍යක්ෂක වරයෙකු වශයෙන් මෙන්ම ගායකයෙකු වශයෙන් අද වන විට ඔහු පැමිණි දුර අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ පෝෂණය කිරීමට මහත් දායකත්වයක් ලබා දී තිබෙනවා. යොවුන් පරපුරේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ මේ කඩවසම් ගායක සචිත් ගේ ඡායාරූප කිහිපයක් මේ









