ගොසිප් පුවත්තරු ගොසිප්

කැකුළන්දරගේ චරිතය නිසා ප්‍රේක්ෂකයන්ගේන් නිතර බැනුම් අසන රුවන් පෙරේරා

ටෙලි නාට්‍ය කිහිපයක් ඔස්සේම දැක ගන්නට හැකි වන තවත් එක් යොවුන් කඩවසම් රංගන ශිල්පියෙකු ලෙස රුවන් පෙරේරා හදුන්වන්න පුළුවන්.

කෝටිපතියෝ, හාරකෝටිය වැනි ටෙලි නිර්මාණ ඔස්සේ මොහු දැක් වු රංගනය හේතු කොට ගෙන රසික රසිකාවියන් අතරට ගිය ජනප්‍රිය චරිතයක් බවට  පත් වන්නට මොහුට අවස්ථාව හිමි වන්නේ ඉතා කෙටි කාලයකිනි. එහිදි ඔහු ඩිංකා ගේ චරිතයට පණ පොවන ලදී.

මෙම කතා මාලාවන්ට අමතරව මොහු තාදී, අහස් මාළිගා, සද තරු වැනි ටෙලි නාට්‍ය රැසකින් මොහුගේ දක්ෂ රංගනයන් දැක ගැනීමට හැකි වනවා.

මේ වන විට නව සිනමා වැඩ කටයුතු සදහාද  සම්බන්ධ වී සිටින මොහුගේ සිනමා රංගනයන්ද ඉදිරියේදී දැක ගැනීමට හැකි වේ. මේ දින වන වැටි වැඩියෙන් කට්ටිය නරඹන කතා මාලාවක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ.

ඉතින් කතා මාලාව තුළද වෙනස්ම  ආකාරයේ චරිත නිරුපණයක් සිදු කිරිමට රුවන් පෙරේරාට අවස්ථාව උදා වී ඇති අතර මොහු එම කතා මාලාවේ කැකුළන්දර නැතිනම් කැකුලා ගේ චරිතය නිරුපණය කරනු ලබනවා.

මැර යෙකුගේ චරිතයක් මෙහිදි ඔහු විසින් නිරුපණය කරන අතර මේ චරිතය නිසා කැකුලා කියන චරිතයට ප්‍රේක්ෂයන් බනින චරිතයක් බවට පත් වී ඇති බවත් එහිදි එම චරිතයට හොදින් දැනෙන චරිතයක්  බවට පත් වී ඇති බවත් මොහු මතක් කර සිටියා.

සරාගේ සතුරා විදිහට කටයුතු කරන මේ කැකුළාගේ චරිතය නිසා විවිධ දෝශා රෝපණ වලට ලක් වන්නට මේ දන වල සිදු වී ඇති නිසා,

මේ කතාව ඔස්සේ එහි සියලු චරිත ප්‍රේක්ෂයා අතරට යාමට සමත් සුන්දර නිර්මාණයක් බව කිය යුතුමය. බැනුම් අසමින් ප්‍රේක්ෂකය අතර මේ දින වල ජනප්‍රිය වී ඇති මේ යොවුන් රංගන ශිල්පියාගේ ඡායාරූඅප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button