කවඩියාගේඋපන්දිනය දවසේ ඔහුව පුදුමයට පත් කරමින් සාදයක් පැවැත්වු සහෝදර රංගන ශිල්පීන්

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන මෙරට ප්‍රේක්ෂකයන් අතිවිශාල ප්‍රමාණයක් අමතක නොකර නරඹන සුන්දර ටෙලි කතා කතාමාලාවක් ලෙස නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය පෙන්වා දෙන්නට පුළුවන්.
ඉතාමත් කෙටි කාලයක් තුළදී මෙරට ප්‍රේක්ෂකයාගේ අවධානය දිනාගැනීමට සමත් කතා මාලාවක් මෙම නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුන් අන්තර්ගත වන අතර ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පමණක් නොව රංගනයට අලුත් නවක රංගන ශිල්පීන් ගණනාවක් ද මෙම කතා මාලාව තුල දැකගන්නට හැකි වනවා.
ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත් මෙම කතා මාලාවේ එකිනෙකට වෙනස් සුවිශේෂී චරිත ගණනාවක් දැක ගැනීමට හැකි වන අතර කතාවේ ප්‍රධාන චරිතය වන සරාගේ යහළුවෙකු ලෙස කටයුතු කරන කවඩියා නැතිනම් සංගීත් ප්‍රභූ නාඩගම්කරයෝ කතා මාලාවේ සුවිශේෂී චරිතයක් වෙනවා.
01

වෙනස්ම විදිහේ රංගන කුසලතා පෙන්වන මේ දක්ෂ නවක රංගන ශිල්පියාගේ නැතිනම් ඔබ හඳුනන කවඩියාගේ උපන් දිනය පසුගිය දිනෙක යෙදී තිබුණු අතර ඔහුගේ උපන් උපන් දිනය සමරන්නට නාඩගම්කරයෝ කතාමාලාවේ සහෝදර රංගන ශිල්පීන් කිහිප දෙනෙකු සහ ගායන තරු කිහිපදෙනෙකු එකතු වී තිබුණා.
එහිදී කවඩියාව උපන්දිනය දවසේ පුදුමයට පත් කරන්නට ඔවුන් මෙම සාදය සංවිධානය කර තිබුණා. ඉතින් ඔහුගේ උපන්දිනයට සුභ පතන ගමන් එම සාදයේ ඡායාරූප කිහිපයක් මෙතනින් නරඹමු.
02

03









