
නව පරපුරේ යොයුන් රංගන ශිග්පියෙකු වන මොහු නිරුපණ ක්ෂේත්‍රයේද නමක් දිනා ගත් කඩවසම් තරුණයෙක් වේ. මොහු නමින් චානුක ප‍්‍රබුද්ධ වේ.
“සකූගෙ කතාවේ” ටෙලි නාට්‍යයේ මාලකගේ චරිතයට පණ පෙවු මොහු ඉහළ පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වන නවක රංගන ශිල්පියෙකු වනවා. මාලකගේ චරිතය ඔහුගේ රංගන ජිවිතයේ හැරවුම් ලක්ෂයක් විදිහට ඔහු මතක් කර සිටියේ ඉමහත් සතුටිනි.
01.

02.

යෞවනයේ තරුණියන්ගේ වැඩි ආකර්ෂණයක් දිනා ගත් මේ යොවනු කඩවසම් තරුණයාගේ රංගනය නිසා මේ වන විට ඔහුට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව ඔහු විසින් මතක් කර සිටියා. එමෙන්ම ඔහු විසින් ‘අපි අපේ’ ටෙලිනාට්‍යයේ ‘ශාක්‍ය’ චරිතයට පණපොවමින් නැවත ප්‍රෙක්ෂකයා අතරට යන්නේ ඔහුට තිබෙන ආකර්ශණය තව තවත් වැඩි කරගනිමින් වේ.
වෙළෙඳ දැන්වීම් නිරූපන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රට පිවිසෙන ඔහු ශාන්ත සොයිසා මහත්මයාගේ මිතූ කතාවෙන් රංගනයට අත් පොත් තබනවා. රංගන කටයුතු වලට අමතරව ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු ද ඒ අයුරින්ම සිදු කරගෙන යනු ලබයි.
03.

04.

දක්ෂ චරිතාංග රංඟන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කර ගැනීම මොහුගේ ඉදිරි අරමුණු වන බවත් මතක් කර සිටියා.








