අහුලගත්ත ගොසිප්

මගේ වාසනාවකට තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුනේ මනීෂා කියූ කතාව

ඇය අති දක්ෂ රංගන ශිල්පිනියකි. එමෙන්ම ඇය වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඇය අපූරු නිරූපණ ශිල්පිනියක්. මෙවන් අපූරු චරිතයන් හොබවන ඇය නමින් මනීෂා කන්දේකුඹුර යි.

ඔන්න ඉතින් “හිත ළඟ හිනැහුණා” ටෙලි සිත්තමේ, “රොමේන්” ලෙසින් හරි අපූරුවට රංගනයේ යෙදෙන්නේ ද මනීෂා යි. ඉතින් මීට පෙරත් ඇයට ටෙලි නාට්‍යයන් කිහිපයකටම සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබිලා තිබුණත්, ඇයට ඒ නිර්මාණ වලට දායක වෙන්නට ලැබිලා නෑ.

ඉතින් “හිත ළඟ හිනැහුණා” කියන්නේ මනීෂාගෙ පළවෙනි ටෙලි නාට්‍යය යි. ඉතින් ඒ වගේම “කියාදන්න ආදරේ තරම්” ටෙලි නාට්‍යයේ තිර පරීක්ෂණයටත් මනීෂා සහභාගි වෙලා තියනවා.

ඒ වුණත් ඇයට ඒ සඳහා අවස්ථාවක් නම් ලැබෙන්නේ නෑ. “හිත ළඟ හිනැහුණා” ටෙලි සිත්තමේ මනීෂා රඟපාන්නේ රොමේන්ගේ චරිතයනේ.

රොමේන් කියන්නේ, ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන මිනෝලි මැඩම්ගේ ලේකම්වරිය යි. රොමේන් චරිතයට මේ වෙද්දී බොහෝ සෙයින් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබෙන අතර, ඉතින් මනීෂා කියනවා,

“ඇයට ඇගේ පළවෙනි රංගනයෙන්ම මේ වාගේ සුහඳ ප්‍රතිචාරයන් ගොඩාක් ලැබෙයි කියා ඇය හිතුවේ නෑ කියලත්, ඒ ගැන හරිම සතුටුයි” කියලත් ය.

පාසල් කාලේ මනීෂා නෙට්බෝල් ප්ලේ කරන්න හරිම දක්ෂ චරිතයක් වන අතර, ඇය විදෙස් සංචාරයන් පවා ගිහින් තියනවා. ඒ වගේම ඒ කාලේ නර්ථනටත් රංගනයටත් පළාත් මට්ටමින් ජයග්‍රහණ පවා හිමිකර ගන්නට ඇය සමත් වී තිබෙනවා.

ඉතින් මනීෂා හට රංගන ශිල්පිනියක නිරූපණ ශිල්පිනියක වෙන්නට කවමදාවකවත් හීනයක් තිබිලා නම් නෑ. ඉතින් “ඇගේ කුමක් හෝ වාසනාවකට තමයි ඇයට රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණේ”, කියලයි මනීෂා නම් කියන්නේ.

ඉතින් “අද ඇය ඉන්න තැනට එන්නට මනීෂාගේ ආදරණීය දෙමාපියන් තමයි ගොඩාක් වෙහෙස මහන්සි වෙලා තියෙන්නේ”, කියලත් මනීෂා හරිම ආදරෙන් මතක් කරනවා.

මනීෂා කියලා කියන්නේ, රංගන ක්ෂේත්‍රයට එන්නට කලින් රූපවාහිනි නිවේදිකාවක ලෙසින් කටයුතු කළ තැනැත්තියක වන අතර, ඇය සියත ටීවි හි “මුල් පිටුව” වැඩසටහන ඉදිරිපත් කිරීමට පද්ම කුමාරයන් හා ද සම්බන්ධව වැඩ කටයුතු කර තිබෙනවා හරි අපූරුවට.

ඉතින් ඒ විතරක් නෙවෙයි ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා වගේම ටීවී වන් චැනල් එකේ මෝර්නිග් ප්‍රෝග්‍රෑම් එකත් හරි අපූරුවට ඉදිරිපත් කර තිබෙනවා මනීෂා.

ඉතින් ඒ වගේම මේ වෙද්දී මනීෂා වෙළඳ දැන්වීම් කිහිපයකටත්ම සහභාගී වෙලා තිබෙන අතර, බ්‍රයිඩල් මොඩල් කෙනෙක් විදියටත් ඇය සම්බන්ධ වී වැඩ කටයුතු කරන්නේ හරි අපූරුවට යි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button