ගොසිප් පුවත්තරු ගොසිප්

මැණිකේ මගේ හිතේ ගීතය ලෝකය පුරා ජනප්‍රිය වන විට ඒ ගීතය නිසා අපේ රටේ ජනප්‍රිය වු ඉන්දියාවේ පුංචි කෙල්ල

අපේ රටේ විවිධ ගීත  ගායනා විවිධ කාල වලදී ජනප්‍රියත්වයට පත් වුවද මෑත කාලයේ අපේ රටට වඩා මුළු මහත් ලෝකය පුරාම අන්තර්ජාලය ඔස්සේ අතිශයින්ම ජනප්‍රිය වු ගීතයක් ලෙස අපේ රටේ යොහානි ද සිල්වා විසින් ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය හදුන්වන්න පුළුවන්.

යොවුන් පරපුරේ සුන්දර ගායිකාවක් වන මේ යොහානිගේ කටහඩින් අලෝකමත් වන මේ අපේ රටේ ගීතය  ලෝක‍ය පුරාම රසික හදවත් අන්තර්ජාලය ඔස්සේ වැළද ගත් මෙරට පළමු සිංහල ගීතය බවට ද පත් වනවා.

පළමු පතාවට ඉන්දියාව පුරා රැලලක් සේ ජනප්‍රිය වෙමින් පැවති මේ ගීතය එරට තුළ නැරඹු කෙනෙකු නොමැති තරම් වුනා. කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා මෙම මාගේ හිතේ ගීතය නරඹනන්ට වු අතර මේ නිසා යු ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වු මේ ගීතය නැරඹුන් වාර මිලයන ගනණනක් පසු කරන්නට සමත් වු සිංහල ගීතයක් බවට පත් වුනා.

අද වන විට යු ටියුබ් නාලිකාව ඔස්සේ ලෝකයේම ජනප්‍රිය වු ගීත අතර 5 වෙනි ස්ථානයට පත් වන්නට මේ ගීතයට හැකියාව ලැබෙන්නේ ලෝකයේ සියලුම රටවල් වල රසකයින් මෙම ගීතය වැළද ගත් නිසාය.

තරුණ පරපුරේ, වැඩිහිටි පරපුරේ අයට සාපේක්ෂව මේ ගීතය කුඩා දරුවන් අතරත් ප්‍ර‍සිද්ධියට පත් වු අතර මේ නිසා කුඩා දරුවන් ඔවුන්ගේ හුරතල් හඩින් ඔවුන්ට හැකි අයුරින් සුන්දර ලෙස මේ ගීතය ගායනා කරන්නට වුනා.

ඉන්දියාවේ කුඩා දරුවන් අතර වැඩි වශයෙන් ප්‍ර‍සිද්ධ වු මේ ගීතය ඉන්දියාවේ දරුවන් වෙනුවෙන් සංවිධානය කර තිබු  රියල්ටි වැඩසටහනක් නියෝජනය කරන ඉන්දියාවේ පුංචි දැරියක් ඇයගේ මිහිරි කටහඩින් මේ ගීතය ගායනා කරනු ලබනවා.

වයස අවුරුදු 5 පමණ වන නමින් මිලා කුටි නැමැති පුංදි දියණිය රියැලිටි තරගාවලිය අතරතුර ගායනා කරන මේ ගීතය අපේ රටේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙරට තුළ අතිශයින්ම ජනප්‍රිය වනවා.

මැණිකේ මගේ හිතේ ගීතය නිසා අපේ රටෙ ජනප්‍රිය වන්නට මේ පුංචි දියණියට හැකියාව ලැබෙන අතර මේ ඇයගේ ඡායාරූප කිහිපයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button