අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

පුංචි පැංචි ප්‍රමුදිගේ දියණිය ස්වාරාගේ තුන්වෙනි උපන්දිනය ජයටම සැමරුව හැටි

කලක් බොහෝ දෙනාගේ අසීමිත ආදරයට පාත්‍ර වූ, බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නැරඹූ, අදටත් නැරඹීමට ප්‍රිය කරන සිනමා පටයක් තමයි “සරෝජා” කියලා කියන්නේ.

එහි රංගනයෙන් දායක වී අසීමිත ප්‍රේක්ෂක ආදරයට පාත්‍ර වූ ඇය කලක් සිරස නාලිකාවේ විකාශය වූ ,බොහෝ කුඩා දරුවන් අතර ජනප්‍රියතම වැඩසටහන වූ “පුංචි පැංචි” වැඩසටහනේ පුංචි නිවේදිකාව ලෙස ද කටයුතු කරනු ලැබුවා.

එහෙම කිව්වම කවුරුත් හඳුනන ඇය තමයි ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ. මේ වන විට ඒ පුංචි කටකාරිය ඉතා සුන්දර තරුණියක් බවට පත්වෙලා තියෙනවා.

ඒ වගේම මේ වෙනකොට සුන්දර ,සාර්ථක විවාහ දිවියක අයිති කාරියක වන ඇය ඇය මෙන්ම හුරු බුහුටි, සුන්දර, කුඩා දියණියන් දෙදෙනකුගේ මවක්ද වනවා.

විවාහය හා මව් පදවියත් සමග ම ප්‍රේක්ෂකයින් ශෝකයට පත් කරමින් ක්ෂේත්‍රයෙන් මදක් ඈත් වෙන ඇය මෙතරම් දක්ෂ ලෙස රංගනය හදාරා ඇත්තේ සෝමලතා සුබසිංහ මහත්මිය යටතේ බවයි කියා සිටියේ.

නිවේදිකාවක්, සිනමා රංගන ශිල්පිනියකට අමතරව සීමිත ටෙලි නිර්මාණ ප්‍රමාණයකින් ද තම රංගන කෞෂල්‍යයෙන් ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගෙන සිටින ප්‍රමුදි මේ වන විට ක්ෂේත්‍රයෙන් ඈත්ව සිටියත් රසික හදවත් තුළ නොමැකෙන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා කිව්වොත් නිවැරදියි.

නිර්මාණයන් තුළින් දක්නට නොලැබුණත් සමාජ මාධ්‍යන් තුල නිතර දක්නට ලැබෙන, කතාබහට ලක්වන ඇය සමාජ මාධ්‍යන් තුලින් රසික රසිකාවියන් හා තම අත්දැකීම්, දුක ,සැප බෙදා ගැනීමට අමතක කරන්නේ නැහැ කිව්වොත් නිවැරදියි.

ඉතින් ඉකුත් දිනයකට ඇය ගේ වැඩිමල් දියණියගේ තුන් වන ජන්ම දිනය යෙදී තිබුණු අතර ඇය හා පවුලේ සාමාජික සාමාජිකාවන් එක් ව එම සුන්දර අවස්ථාව ඉතා චාම් අයුරින් සැමරීමට හා එහි සුන්දර දර්ශන මතක සටහන් ලෙස ලබා ගැනීමටත් අමතක කර තිබුණේ නැහැ.

ඉතින් එම අවස්ථාවේ සුන්දරත්වය ඔබත් සමගින් බෙදා ගනිමින් ඇයගේ පුංචි දෝනිට අපිද සුබ උපන්දිනයකට ආසිරි එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button