උණුසුම් පුවත්ගොසිප් පුවත්දේශිය පුවත්

රෝගයට අභියෝග කරමින් තමන්ගේ සිහින හබා යන අද ශාරීරික යෝග්‍යතා පුහුණුකාරිනියක් වන මදූෂි අමරසිංහ

පිරිමියකු සේ හැඩිදැඩි සිරුරක් හිමි වුවත් කාය වර්ධන ක්ෂේත්‍රය තුළ අද බොහෝ දෙනා කතා බහට ලක් කරන ක්‍රීඩිකාවක් වශයෙන් මදුෂි අමරසිංහ හඳුන්වන්නට පුලුවන් වන අතර.

මෙවැනි කාය වර්ධන ක්ෂේත්‍රය සඳහා කාන්තාවන්ගේ දායකත්වය අඩු කාලයක අපේ රටේ මෙවැනි දක්ෂ ක්‍රීඩිකාවන් මෙවැනි ක්ෂේත්‍රයක් සඳහා යොමු වීම සැබැවින්ම අගය කළ යුතු කරුණක් වේ.

පාසල් කාලයේදී ක්‍රීඩාවට යොමු වු ඇය කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ අතර පාසල් වයසේ දී පැසිපන්දු දැල්පන්දු ආදී ක්‍රීඩාවල නිරත වන්නට වුනා.

උසස් අධ්‍යාපන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබූ මදුෂ අමරසිංහ සබරගමු විශ්වවිද්‍යාලය සඳහා සබරගමු විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලය සඳහා සුදුසුකම් ලැබුවත් ඇයට ඇතිවූ ඇදුම රෝගී තත්ත්වය නිසා ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරන්නට සිදු වූ අතර,

රෑට ක්‍රීඩා ජීවිතයේදී ද එම රෝගී තත්ත්වය නිසා යම් යම් බාධා වලට මුහුණ දෙන්නට සිදුවුණා. කෙසේ නමුත් සබරගමු ව විශ්වවිද්‍යාලය උපාධි පාඨමාලාවක් හැදෑරීමට ඇයට අවස්ථාවක් උදව් වූ අතර නීතිය අංශයෙන් ඉදිරියට යාමට දැඩි කැමැත්තක් දැක්වූ ඇය නීතිඥවරියක් වීමේ සිහිනය සදහා කටයුතු කරන්නට වුණා.

විවාහක යුවතියක් වන ඇය තම සැමියා සමග කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිය ඇයට එම රෝගයේ යම් සුවතාවක් දැනෙන්නට වූ නිසා ඇය සංවර්ධන මධ්‍යස්ථානය මධ්‍යස්ථානයට නිතර යාමට පුරුදු වූ අතර,

ඇය කාය වර්ධන ක්ෂේත්‍රය ඔස්සේ තම ශරීරය ජව සම්පන්න ශරීරයක් බවට පත්කර ගැනීමට සමත් වූ අතර අද වන විට ඇය වෘත්තියෙන් ශාරීරික යෝගත්‍යා පුහුණුකාරිනියක් වශයෙන් කටයුතු කරනු ලබනවා.

රෝගයට දියුණු කරමින් අද වන විට ඇය තමන්ගේ සිහින හඹා යාමට කටයුතු කරන අතර නීතිඥවරියක් වීමේ සිහිනය ද ඇය අනිවාර්යෙන්ම ඉටුකර ගන්නා බව ද පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණා.

ඊට අමතරව කායවර්ධන ක්ෂේත්‍රය තුළින් කාන්තාවකට තමන්ගේ අභිමානය පෞරුෂත්වය වර්ධනය කර ගනිමින් තමන්ගේ ආත්ම ආරක්ෂාව සලසා ගැනීමට හැකිවන ලෙස ඔවුන් දිරිමත් කිරීම තමන්ගේ ඉදිරි අරමුණක් බව වැඩිදුරටත් පවසා තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button