
නිරූපණ ශිල්පියකු ලෙස ශේත්රයට පා තබා මේ වන විට මිහි, මල් පිපෙන කාලේ,ෂැඩෝ… වැනි ටෙලි නිර්මාණයන් රාශියක් තුළින් රංගන ගමන් මගේ ඉතා සාර්ථක ලෙස අරඹා තිබෙන ඔහු වර්තමානයේ බොහෝ තරුණියන්ගේ සිහින කුමාරයා කිව්වොත් නිවැරදියි.
ඔහු නව පරපුරේ අති දක්ෂ, ජනප්රිය,කඩවසම් රංගන ශිල්පී රිච් ෆර්නැන්ඩස් ය. රංගනය පිළිබඳ දැනුමක් ද සහිතව ක්ෂේත්රයට පා තබමින් තවදුරටත් ඒ පිළිබඳ ව හදාරමින් යන ඔහු
රංගනයට අමතරව සංගීතය පැත්තෙන් බොහෝ දක්ෂතා ඇති තරුණයකු බවයි අපිට දැනගන්න ලැබුණේ.
කුඩා කල සංගීත කණ්ඩායමක් සාදා ගනිමින් පවුලේ විවිධ සාදයන් හි දස්කම් දක්වා ඇති ඔහු ඊට අමතරව තනිව ගීත, පිටපත් වැනි දෑ රචනා කර ඇති බවයි කියා සිටියේ.
ඒ වගේම අන් රංගන ශිල්පීන් ,ශිල්පිනියන් ට මෙන්ම රිච් ටද ක්ෂේත්රයට පැමිණි මුල් කාලයේ බොහෝ කැපිලි කෙටිලි වලට මුහුණ දීමට සිදුව ඇති නමුත් ප්රවීණ රංගන ශිල්පීන් බොහෝමයක් ගෙන් උදව් උපකාර ලබමින් සාර්ථක ගමනක් පැමිණ ඇති ඔහු කියා සිටින්නේ,
ඔහු මෙතෙක් ආ ගමන් මග දෙස නැවත හැරී බලන විට සතුටු විය හැකි බවයි.
රංගනයට පිවිසීමට පෙර වෙනත් වෘත්තියක් සිදු කර ඇති ඔහු රංගනයත් සමඟ කාලය කළමනාකරණය කිරීමට අපහසු බැවින් රංගනය පමණක් තෝරාගත් බවත් ඉදිරියේදී තමන්ගේම කියා ව්යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.
ෂැඩෝ , මල් පිපෙන කාලේ… ටෙලි නිර්මාණයන් සමගින් මේ දිනවල මදක් කාර්ය බහුල දිවියක් ගත කරන රිච් කියා සිටින්නේ ඔහු ඒකාකාරී චරිතයන්ට කොටු නොවී විවිධ වූ චරිතයන්ට ජීවයේ එක් කිරීමට ප්රිය බවයි.
උපතින් ලද කඩවසම් රුව ආභරණයක් කරගනිමින් ක්ෂේත්රය තුළ සාර්ථක ගමනක් යන රංගන ශිල්පියෙකු වන ඔහු පවසා සිටින්නේ රංගනයට රුව වැදගත් නොවන බව හා හැකියාව වඩා වැදගත් වන බවයි.
මව සහ ඔහු ගෙන් යුත් පුංචි පවුලේ ඔහුගේ සියලුම දේ වී තිබෙන්නේ ආදරණීය මෑණියන් කිව්වොත් නිවැරදියි.තවමත් අවිවාහක තනිකඩ දිවියක් ගත කරන මේ සොඳුරු තරුණයා ඉතා සරල ගති පැවතුම් ඇති තැන්පත් මෙන්ම මිත්රශීලි තැනැත්තෙකු කිව්වොත් ඔබත් පිළිගනු ඇති.
කිසිවකුටත් කරදරයක් නැති හොඳ මිනිසකු ,දක්ෂ රංගන ශිල්පියකු ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ඔබ අප කවුරුත් ආදරය කරන මේ යොවුන් රංගන ශිල්පී රිච් ගේ සියලුම පැතුම් එලෙසටම ඉෂ්ට වේවා කියා අපි ඔහුට සුබ පැතුම් එක් කර සිටිනවා.








