චණ්ඩි කෙල්ලක් ලෙස පළමු රංගනයෙන් කාලාවට පිවිසෙන සොදුරු යුවැත්තිය ඩිලූෂි හංසිකා

2020 වසරේ දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වෙමින් එහි තුන්වන ස්ථානය දිනාගැනීමට සමත් වූ ඉසුරු පිරි සුන්දරිය නමින් ඩිලූෂි හංසිකා වේ.
ඇය සතු සුන්දරත්වය නිසාම දෙරණ නාලිකාවේ විකාශය වන ධරණී ටෙලි නාට්යය තුළ ඇයට චරිත නිරූපණය කිරීමට අවස්ථාව උදාවන අතර ඇයගේ කුලුඳුල් රංගනය වනවා.
ඇයට එම රංගන අවස්ථා උදා වීම පිළිබඳ අදහස් ප්රකාශ කිරීමේ දී ඇය කියා සිටියේ රංගනයට පිවිසීම සැබැවින්ම අහම්බයකින් සිදු වූ දෙයක් බවයි.
ඩිලූෂි හංසිකා සුන්දර යුවතිය පිළිබඳ කතා කතා කිරීමේ දී ඇය කැලණිය විශ්වවිද්යාලයේ ජාත්යන්තර අධ්යයනය විෂය ධාරාවෙන් උපාධි හදාරනු ලබන යුවතියක් වනවා.
රංගනයට පිවිස කෙටි කාලයක් වුවද ඇයට ලැබෙන ප්රතිචාර වලින් නම් අඩුවක් වන්නේ නෑ. ධරණී ටෙලිනාට්ය තුළ ඇය විනුලි නැමැති චරිතය නිරූපණය කරනු ලබන අතර එම චරිතය දුරදිග බලා කල්පනා නොකරන හදිසි තීරණ ගන්නා, ආවේගශීලී චරිතයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

එම චරිතය තුළ දී ඇයට සටන් කලාව ද ප්රගුණ කිරීමට සිදුවී තිබෙනවා. ඒ අනුව එම ටෙලිනාට්යයේ රූගත කිරීම් වලට මාස කිහිපයකට පෙර සිටම සටන් කලාව පුහුණු වන්නට වූ බව කියා සිටියා.
රංගන කටයුතුවලින් ඉදිරියට යාම පිළිබඳ ඇයගෙන් විමසූ විට ඇය පුවත්පත් මාධ්ය සාකච්ඡාවක දී කියා සිටිමි හොඳ අධ්යක්ෂවරයෙකු යටතේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඒ භාරගන්නට කැමැත්තෙන් සිටින බවයි.
නමුත් තමන් උසස් අධ්යාපනය ලබන විෂය ධාරාව හා සම්බන්ධ වෘත්තීයක නියැලෙමින් තමන්ගේම දෙයක් සිදුකරගැනීමට කැමැත්තෙන් සිටින බවත් ඇය ප්රකාශ කර තිබුණා.
රංගනයට තවමත් අලුත් ඒ සුන්දර රංගන ශිල්පිනියට තමන්ගේ ඉදිරි අධ්යාපන කටයුතු සහ රංගන කටයුතු සාර්ථක කරගන්නට හැකිවේවා යැයි ප්රාර්ථනා කරමින් ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් මෙතනින් නරඹමු








