ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

“මට අවශ්‍ය ජනප්‍රියම නිළියක් වීමට නෙමේ ඇ’ඟ පෙ’නුනත් චරිතය ඉතා හොඳින් ඉටු කරන හොඳ නිළියක් වීමටයි“ සුලෝචනා වීරසිංහ

කලා ලෝකයේ නිතර දකින්න නොලැබුණත් විශිෂ්ට ගණයේ කලා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට එන සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන් සුලෝචනා වීරසිංහ හඳුන්වන්නට පුළුවන්.

නිකිණි වැස්ස චිත්‍රපටය සඳහා ඒ දැක්වූ සුවිශේෂී රංගනය නිසා  ඇගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය වශයෙන් එම සිනමාපටය හඳුන්වන්නට පුළුවන්.  සිනමාවට අමතරව ටෙලි නාට්‍ය ඔස්සේ වේදිකාව ඔස්සේ තම රංගන හැකියාවන් පෙන්නවූ සුවිශේෂී රංගන ශිල්පිනියක් ද වේ.

ඇය රංගනයෙන් දායක වූ නිකිණි වැස්ස චිත්‍රපටය නිසා ඒ වඩාත් ජනප්‍රිය වූ බවත් සමහර අවස්ථාවලදී නරක ප්‍රතිචාරත්  ලැබුණු බවත් එය කියා සිටි අතර තමන්ට ලැබෙන චරිත පිළිබඳව එම චරිත වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීමෙන් රඟපෑම් කටයුතුවලට නියැලෙන බවට ඇය කියා සිටයේ මේ ආකාරයටයි.

“මම සම්මාන බලාගෙන රගපාන්නේ නැහැ. මගේ හිතට වැදෙන තාත්විකව කරන්න පුළුවන් චරිත විතරක් බාර අරගෙන ඒකට සාධාරණයක් ඉෂ්ඨ කරනවා. හැබැයි මට අවශ්‍ය කරන්නෙත් ජනප්‍රියම නිළියක් වීමට නෙවෙයි මගේ චරිතය ඉතා හොඳින් ඉටු කරන හොඳ නිළියක් වීමටයි.”

උපාධිධාරිනියක් වන ඇය පසුගිය කාලයේ ස්වාධීන  රූපවාහිනියේ විකාශය වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය ඔස්සේ ඇයගේ විශිෂ්ට රංගනය මෙරට ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වුණා.

වර්තමානයේ හිරු නාළිකාවේ විකාශය වන දිවි තුරා ටෙලිනාට්‍යයේ සුලෝචනා වීරසිංහ ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා. එම චරිත නිරූපණය නිසා ඇයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙන බව ඉතාමත් ආදරයෙන් මතක් කර සිටියා.

පසුගිය කාලයේ නැවත ඇය රංගන කටයුතු සඳහා සම්බන්ධ වී ඇති අතර ටෙලි නාට්‍ය  දෙකක වැඩ කටයුතු හා සම්බන්ධ වී සිටිනවා. සිනමාපට කිහිපයකද වැඩ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වී සිටියත් පසුගිය කාලයේ රටට මුහුණ දීමට සිදු වූ තත්ත්වය නිසා මෙන්න සිනමාපට රූගත කිරීමට නොහැකි වූ බවත් ඇය පවසා තිබුණා .

අද වන විට විවාහක යුවතියක් වන ඇය ගෘහණියක් මෙන්ම තමන්ගේ රැකියාවේ කටයුතු වලද නියැලෙමින් කාර්යබහුල ජීවිතයක් ගත කරනු ලබනවා. ප්‍රේක්ෂක ආදරය අදටත් නොඅඩුව ලැබෙන සුන්දර රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button