දරුවන් තිදෙනෙකු නොව දරුවන් දෙදෙනෙකු අවශ්‍ය බව බිරිද කියපු කතාව ගැන මාධව මතක් කර සිටියේ මෙහෙමයි

දක්ෂ නිවේදනයක වශයෙන් ප්‍රේක්ෂක අවධානය ඉතාමත් ඉහළින් දිනාගැනීමට සමත් වූ සහ බොහෝ ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍ර වූ සුන්දර නිවේදකයකු වශයෙන් මාධව විජේසිංහ තරුණ නිවේදන ශිල්පියාව පෙන්වා දෙන්න පුළුවන්.
මාධව යන නම ඇසූ පමණින් මොහුගේ ඔහුගේ කටහඬ මුහුදු නිවේදන හැකියාව නොදන්නා කෙනෙකු නොමැති තරමටම ඔහු තමන්ගේ ජනප්‍රියත්වය ළඟා කරගෙන ඇති සුවිශේෂී තරුණ නිවේදකයෙකු වනවා.
දෙරණ නාලිකාවේ විකාශය වන චැම්පියන් ස්ටාර් වැඩසටහන නිසා අති විශාල ප්‍රේක්ෂක ආදරයක් ඔහුට හිමි වී තිබෙන අතර මෙම වැඩසටහන මෙහෙයවන අනෙකුත් නිවේදන ශිල්පීන් දෙපලක් වන සචිනි සහ පේෂලගේ සහය ඇතිව ඉතාමත් සුන්දර ලෙස වැඩසටහන් මෙහෙය වීමේ රැකියාව මාධව සතු වනවා.
නිවේදන ශිල්පියෙකු වශයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් මොහු රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම මියුසික් වීඩියෝ සඳහා ද සහභාගි වන රංගන ශිල්පියෙකු ලෙසද පෙන්වා දෙන්නට පුළුවන්.
මෙරට තරුණියන්ගේ ආකර්ෂණය ඉතාමත් ඉහළින් ලැබෙන තාරුණ්‍ය දක්ෂයකු වන මොහු අද වන විට විවාහක තරුණයෙකු වන අතර ඔහුගේ අතගත් සුන්දර යුවතිය නදුනි වන අතර ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියක් වේ.
කාගේත් අවධානයට යොමු වූ ආදරණීය යුවළක් වන මොවුන් දෙපළ විවාහ දිවියට පත් වූ අතර ඉතාමත් චාම් අයුරින් එම විවාහ උත්සවය සංවිධානය කර තිබූ අතර,
අද වන විට ඉතාමත් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මොවුන් දෙපළ පසුගිය දිනක යූටියුබ් නාලිකා වැඩසටහනකට සහභාගි වෙමින් ඔවුන්ගේ ආදරයේ සුන්දර අවස්ථාවක් මතක් කර සිටියා.
එහිදී අදහස් දක්වමින් මාධව කියා සිටියේය ඔවුන් දෙදෙනාගේ ආදර කතාවට ඔවුන්ගේ පවුල් වලින් කිසිදු බලපෑමක් ඔවුන්ට නොවූ බවත් ඒ නිසා විවාහ වීමට පෙර නදුනි උසස් අධ්‍යාපන කටයුතු කරන කාලයේ මාධවගේ නිවසේ රැඳී සිටි බවත්ය.
ආදරය කරන කාලයේ විවාහයෙන් පසු අනාගතයෙත් තමන්ට දරුවන් තිදෙනෙකු අවශ්‍ය බව මාධ්‍ය විසින් පවසා සිටී අතර නදුනි දරුවන් දෙදෙනෙකු සිටියම ඇති යැයි පැවසූ බව ඔහු මෙහිදී සිනහමුසු මුහුණින් පවසා තිබුණා.
ඔවුන්ගේ ජීවිත සුන්දර අවස්ථාවන් මතකයට නඟමින් තව බොහෝ කරුණු මතක් කරන්නට කටයුතු කරන්නට මාධව මෙම වැඩසටහනේදී කටයුතු කර තිබුණා








