ප්‍රථම චිත්‍රපට රංගනයට සූදානම් වන සුන්දර යුවතිය ආක්ෂාගේ චරිත නිරුපණය කරන නෙත්මි රොෂෙල්

‘දෙවැනි ඉනිම‘ ටෙලි නිර්මාණය ඔස්සේ ආක්ෂාගේ චරිතය නිරුපණය කරන නෙත්මි රොෂෙල් රොජර්ස් රුපවාහිනි අවුරුදු කුමරියක ලෙස අභිෂේක ලබන සුන්දර යුවැත්තයක් වන අතර ඇයට අහම්බයකින් රංගන වරම් හිමි වනවා.
‘රාවණා‘,‘සක්කාරම්‘ ටෙලි කතා මාලාවන් තුලින්ද ඇයව බොහෝ දෙනා හදුනා ගන්නා නමුත් ඇයට වැඩි වශයෙන් ප්‍රතිචාර හිමි වන්නේ ‘දෙවැනි ඉනිම‘ ටෙලි නාට්‍යයේ අක්ෂාගේ චරිත නිරුපණය නිසා වේ.

අහංකාර නපුරු චරිතයක් වන ආක්ෂා මේ වන විට ආදරණීය චරිතයක් බවට පත් ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂනය හා ආදරය වැඩියෙන් හිමි කර ගැනීමට සමත් වන කරුණක්.
ඇය කතා ක්ෂේත්‍රයට පිවිස තවමත් අවුරුදු දෙකක් පමණ වන අතර ඒ කාලය තුළදි ඇය ප්‍රේක්ෂයන්ගේ සිත් ඇදබැද තබා ගැනීමට තරම් දක්ෂ රංගනයක් දැක්වු සුන්දර යුවතියක්.

නෙත්මි රොෂෙල් තවමත් අධ්‍යාපනය හදාරණ සිසුවියක් වන අතර ඇය ජපුර සරසවියේ කළමණාකරණ අංශයේ උසස් අධ්යාපනය ඇය කළමනාකරණය සහ අලෙවිකරණය යන විෂයන් හදාරනු ලබනවා.
ඉගෙනීම් කටයුතු සමග රංගන කටයුතු සමබරව ඉදිරියට කරගෙන යාමට ඇයගේ බලාපොරොත්තුව වේ. ටෙලිනාට්‍ය ඔස්සේ රංගනය පිවිස ඇය ඇගේ ජිවිතයේ ප්‍රථම චිත්‍රටය සදහා සුදානම් වී සිටින බව පුවත්පත් මාධ්ය සාකච්චාවකට පවසා තිබුනා.

චිත්‍රට සදහා ද ඇයට ආරාධනා ලැබෙන්නට තරම් ඇයට ඇගේ රංගන ජිවිතට වෙනසට භාජනය කරන ලද්දේ දෙවනි ඉනිම කතා මාලාව බව ඇය මතක් කර සිටියේ ඉතාමත් නිහතමානි සතුටකිනි.
කුඩා කාලයක් තුළ දී රංගනයට පිවිස ප්‍රේක්ෂක මනාපය ලබා ගත හැකි වු මේ සුන්දර යුවතියට ඇගේ අධ්‍යාපන කටයුතු සමග රංගන කටයුතු ද සාර්ථක ලෙස සිදු කරගෙන යාමට හැකි වේවා යැයි. අපි ප්‍රාර්ථනා කරමු.









