අහුලගත්ත ගොසිප්

මම කියන කරන දේවල් ගැන පසුතැවෙන්නේ නෑ, දිනිති දැන් කියන කතාව

මේ දවස්වල සමාජ මාධ්‍යයන් ඔස්සේ නිරන්තරයෙන්ම කථාබහට ලක්වෙන මෙන්ම නිරන්තරයෙන්ම පුංචි තිරයේ දක්නට ලැබෙන අපූරු චරිතයක තමයි, දිනිති කියලා කියන්නේ.

දිනිති කියලා කියන්නේ කෙලින් තීරණයන් ගන්න චරිතයක වන අතර, ඇය ගත් එක තීරණයක් ගැන වත් පසුතැවෙන්නේ නැති, ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරගෙන විදවන්නේ නැති කෙනෙක් තමයි දිනිති.

ඉතින් දිනිති කියන කථාවක් තමයි, “අතීතය ඉවරවෙලා ඉවරයි. මට සතුටින් ඉන්න තිබ්බොත් ඇති. මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්.

මගේ තාත්තා මට කියලා තියෙන්නේ පොඩි ළමයෙක් වගේ වෙන්න කියලා. ලද දේවල් වලින් සතුටු වුණාම හරි. මට ලොකු බලාපොරොත්තු නෑ.

මට හම්බෙන ආදායම හොදටම ඇති. සමහර දවස්වලට මං දවල් දොලහ 1.00 වෙනක්ම වැඩ කරපු දවසුත් තියනවා. මගෙ ජෙනරේෂන් එකේ අයට වඩා මං වැඩ කරනවා.

මොකද පුලුවන් කාලේ උපරිමයෙන් වැඩ කළාම මැරි කරන දවසකට පුලුවන් වෙනවානේ ඒ අවශ්‍යය වාතාවරණය පදනම හදාගන්න එහෙම.

මොකද මනුස්සයාගෙන් කියලා සල්ලි ඉල්ලන්න බෑ නිතරම. කොටින්ම කිවුවොතින් මං එයාගෙන් වුණත් ඩිපෙන්ඩ් වෙන්න කැමති නෑ.

මං කැමති නෑ එයා මාව කන්ට්‍රෝල් කරනවාටවත්. මට තව පොඩි දෙයක් කියන්නත් ඕනේ. මට ප්‍රපෝසල් එකක් ආවා. එයා මට කැමති වෙලා ඉන්නේ.

මාව කලින් දැකලා තමයි එයා මට කැමති වෙලා තියෙන්නේ. මං කරන කියන දේවල් දැකල මං ෆ්ලයි කරන විදියත් දැකලා එයා මට කැමති වෙලා තියනවා.

මේ හැමදේම මට කීවේ නම් එයාගේ අම්මා තමයි. ඒ වගේම ඇක්ට් කරන එකයි ෆ්ලයි කරන එකයි නවත්තන්න වෙයි, අපි ඔයාව ක්වීන් කෙනෙක් වගේ තියන්නම් කියලා එයාලා මට කීවා.

ඉතින් මගේ තාත්තා ඒ වේලාවේ කිවුව දේ ඔයාලා දන්නවා ද? ඒ තමයි, මගේ තාත්තා කීවා, “මං මගේ දුවට අවුරුදු විසි ගානක් එපා කියපු නැති දේ ඔයා එක පාරටම කොහොමද එපා කියලා කියන්නේ.

මගේ දුව කැමති වුණත් මං නම් මේ විවාහයට කැමති නෑ”, කියලා. ඉතින් තාත්තා තමයි මගේ ජීවිතේ හැමදාමත් වීරයා වුණේ. ඒක හැමදාටමත් එහෙමයි. මගේ තාත්තා මට හරිම ආදරෙයි. තාත්තා දන්නවා මගේ ඕනෑ එපාකම්”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button