ටැටු එකකින් හිරු මාධ්ය ජාලයේ හිමිකරු පපුවේ කොටාගත් දක්ෂ නර්තන ශිල්පී ලලිත් පැරකුම්

හිරු වේදිකාව කියන්නේ සුපිරි තරු රාශියක් බිහිකරපු ස්ථානයක්. ගායන තරු, නර්තන තරු රාශියක් බිහි කරන්නට සමත් වූ හිරු නාලිකාව ප්‍රේක්ෂකයෝ අතර බොහෝ සේ ජනප්‍රිය ට පත් නාළිකාවක් බවට පත්වී තිබෙනවා.
පසුගිය දිනයක අවසන් වූ හිරු මෙගා ස්ටාර් වැඩසටහන ඔස්සේ නර්තන වේදිකාව හැඩ කරවන්නට මෙරට ප්‍රේක්ෂක ජනයා අතර ජනප්‍රිය චරිත බවට පත් වූ කලා ශිල්පින් රාශියක් එම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර මාස අටක් පුරාවට සති අන්තයේ මෙම මෙගා ස්ටාර නර්තන තරඟාවලියෙන් පවත්වන්නට යෙදුනා.
ඒ අනුව හිරු මෙගා ස්ටාර් සීසන් 3 තරඟාවලියේ නර්තන අංශයෙන් දක්ෂතා පෙන්වමින් ජයග්‍රහණයෙ කිරුළ දිනාගැනීමට ඩිස්නි රාජපක්ෂ සහ ලලිත් පැරකුම් යන නර්තන ශිල්පීන් සමත් වෙනවා.

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියට පත් ඩිස්නි රාජපක්ෂගේ නර්තන සහායකයා වශයෙන් කටයුතු කරන ලද ලලිත් පැරකුම් වන අතර නර්තන තරගාවලියේ දැක්වූ දස්කම් හේතුවෙන් ඩිස්නි වාගේම ඔහුද ප්‍රේක්ෂකයා අතර අතිශයින්ම ජනප්‍රිය වන්නට වුනා.
ලලිත් පැරකුම් නර්තන ශිල්පය පිළිබඳ කතා කතා කිරීමේ දී ඔහු නර්තනය වෙනස්ම ආකාරයෙන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ගියා සුපිරි නර්තන ශිල්පියෙකු වශයෙන් හැඳින්වූවොත් නිවැරදියි.
නර්තනයට මෙන්ම ටැටු කලාවට ද බොහෝ සේ කැමැත්ත දක්වන මොහු පසුගිය දිනක අපූරු ටැටු එකක් තමන්ගේ පපුවේ සටහන් කරගෙන තිබුණා.

ඒ තමන්ට බොහෝ සෙයින් උපකාර කරන ලද මිනිසුන්ව තමන්ගේ පපුවේ ටැටු එකකින් සටහන් කර ගන්නට පුරුදුව සිටින ලලිත් පසුගිය දිනක හිරු මාධ්ය ජාලයේ හිමිකරු වන රේනෝ ද සිල්වා මහතාගේ මුහුණ ටැටු එක ගෙන් ඔහුගේ පපුව එය සටහන් කරගන්නට කටයුතු කර තිබුණා.
ඔහු එසේ සිදු කිරීම පිළිබඳව මතක් කර සිටියේ අද තමන් මෙතන සිටින්නේ හිරු නාලිකාව නිසා බවත් එතුමා ඔහුට විශාල වශයෙන් උදව් කළ බවත් ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙලෙස ටැටු එකකින් ඔහුගේ රුව තමන්ගේ පපුව මත සටහන් කර ගැනීමට කර ගැනීමට කළ බවත් ඔහු වැඩිදුරටත් මත් අතර සිටියා. ලලිත් එලෙස තමන්ගේ පපුවේ සටහන් කර ගත් නවතම ටැටූ සහ ඔහුගේ වෙනත් ජයාරූප කිහිපයක් තමයි මේ.









