උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුනු පළමු ත්‍යාගය අදටත් පරිස්සම් කරන හදවතේ ගායිකාව වු ශෂිකා නිසංසලා

මෙරට සංගීත ක්ෂේත්රය තුළ රසික හදවත් විශාල පිරිසකගේ ජනප්රියත්වයට සහ ආදරයට පාත්ර වූ මියුරු කටහඬක් හිමි සඳු ගායිකාවක් වශයෙන් ශෂිකා නිසංසලා හඳුන්වන්නට පුළුවන්.
ශෂිකා නිසංසලාගේ මියුරු කට හඬින් ගැයෙන සොඳුරු ගීත මෙරට රසික රසිකාවියන් අදටත් ඉතාමත් ආශාවෙන් ශ්රවණය කරනු ලබන ගීත අතර ප්රමුඛස්ථානයේ පවතී.
සංගීත ක්ෂේත්රයට පිවිසුණු කාලයේ සිට අද දක්වාම ඇයට ආදරය කරන රසික පිරිසගෙන් අඩුවක් නොවන අතර ඇයගේ නිහතමානි නිරහංකාර චරිතය හේතුවෙන් කලා ක්ෂේත්රය තුළ සිටිනා සුන්දරම චරිතයක් වශයෙන් ඇයව පෙන්වා දෙන්නට පුළුවන්.
බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය දිනා ගැනීමට සමත් වීමට එක් ප්රධාන හේතුවක් වුණේ ඇයගේ හැසිරීම, නිරහංකාර චරිතයක් වීම, සුන්දර චාම් විලාසිතා වලින් සැරසීම, නිතරම මුවග සිනහවකින් පසු වීම නිසයි.
අද වන විට ආදරණීය බිරිඳක් මෙන්ම පුතුන් දෙදෙනකුගේ ආදරණීය මවක් වශයෙන් කටයුතු කරන ආදරණීය පවුල් ජීවිතයක් ගත කරනු ලබන සුන්දර කලාකාරිනියක් වනවා.

ඉතින් අපි මේ කතා කරන සොඳුරු ගායිකා ශෂිකා නිසංසලා තමන්ගේ උපන් දිනය මීට මාස දෙකකට ඉහතදී තිබුණු අතර උපන්දින සැමරුම් නොපවත්වන ඇය බොහෝ විට සිදු කරනු ලබන්නේ පන්සලට ගොස් ආගමික වතාවත්වල යෙදීමයි..
තමන්ගේ උපන් දිනය හා පරණ මතකයන් පිළිබඳ මතකය අලුත් කරන විට ශෂිකා නිසංසලා ඇයගේ පෙම්වතාගෙන් ඇය පෙම්වතියක් වී සිටින කාලයේ උපන්දිනයට ලැබුණු පළමු තෑග්ග පිළිබඳ ඉතාමත් ආදරයෙන් ම තත්ත්වයක සිටියා.
ඒ අනුව ඇයට උපන්දිනය දවසේ දී පෙම්වතාගෙන් ලැබුණු කුඩා පෙන්ඩනය අදටත් ඉතාමත් ආදරෙන් සුරක්ෂිතව තබාගෙන සිටින බවත් ඇය කියා තිබුණා.
උපන් දිනය සමරන්නේ නැතිවුනත් සෑම අවුරුද්දකම ඇයගේ උපන් දිනය දවසට පුංචි තෑග්ග කිට්ටු අයව සතුටු කරන්නට ඔහු අමතක කරන්නේ නැති බවත් කියා තිබුණා.








