“ඩ්‍රිම් ස්ටාර් තරඟය නිසා මම හිතපු නැති විදිහට මට නළුවෙක් වෙන්න පුළුවන් වුනා” ප්‍රමෝත් ගනේආරච්චි

දෙන්න නාලිකාව මගින් සංවිධානය කරනු ලැබූ මෙරට තාරුණ්‍යයේ දක්ෂ ගායන තරු තේරීමේ සුන්දර තරගාවලියක් වශයෙන් ඩ්‍රීම් ස්ටාර් තරගාවලිය පෙන්වා දෙන්නට පුළුවන්.
අපි මේ කතා කරන්නට යන කඩවසම් චරිතය ඩ්‍රීම් ස්ටාර් වේදිකාව තුළින් බිහිවූ දක්ෂයකු වේ. මොහු නමින් ප්‍රමෝත් ගනේආරච්චි වේ. ඩ්‍රිම් ස්ටර් සීසන් 7 තරගාවලියට එක්වූ මේ සුපිරි තරුව අද වන විට දක්ෂ ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියෙකු වශයෙන් රසික රසිකාවියන් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කඩවසම් තරුණයෙකු වනවා.
ගායන තරුවක් වශයෙන් හදුන්වන ගත් ඔහු අද වන විට තාරුණ්‍යය නියෝජනය කළ නවක රංගන ශිල්පියෙකු වශයෙන්ද ප්‍රේක්ෂක ජනතාව අතර අතිශයින් ප්‍රසිද්ධ වී තිබෙනවා.
තමන්ගේ රංගන ශිල්පියකු බවට පත් කරන ලද්දේ.දෙරණ නාලිකාව බව ඔහු ප්‍රකාශ කර තිබුනා. රංගන කටයුතුවලට අහම්බෙන් පිවිසෙන ඔහු ගායනය ශිල්පියෙකු වශයෙන්, රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම නිරූපණ ශිල්පියෙකු වශයෙන් කටයුතු කිරීමට තාමත් කැමැත්තක් දක්වන තරුණයෙකු වේ.
අද වන විට දෙන්න නාලිකාවේ විකාශය වන විශාල ප්‍රේක්ෂක ජනතාවක් ආදරයෙන් නරඹන සුන්දර ටෙලි නාට්‍යයක් වන සංගීතේ නාට්‍යය තුළ මොහු සුවිශේෂී රංගනයක් දක්වන අතර බොහෝ ප්‍රේක්ෂක තරුණියන්ගේ තරුණියන් ගේ ආකර්ෂණයට ලක් කඩවසම් තරුණයෙක් බවට අද වන විට පත්වී තිබෙනවා.

සංගීතය ටෙලි නාට්‍යය නිසා බොහෝ ප්‍රතිචාර ප්‍රමාණයක් අද වන විට ලැබෙන අතර මේ නිසාම රංගන කටයුතු ඉතාමත් ආසාවෙන් සිදු කරන බව ඔහු පවසා තිබුනා.
සංගීතේ ටෙලිනාට්‍ය තුළ මුරණ්ඩු තරුණයකුගේ චරිතය නිරූපණය කරන ඔහුට යම් යම් අවස්ථාවල ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන විශාල ප්‍රතිචාර නිසා ගායකයෙකු වීමට සිටි තමන් අවසානයේ නළුවෙක් බවට පත් පත් කිරීමට තරම් එම ආදරණීය ප්‍රතිචාර හේතුවක් වූ බවත් ඔහු ආදරයෙන් මතක් කර සිටියා.
ඉදිරියටත් රංගන කටයුතු සිදු කරනවා ද යන්න පිළිබඳ ඔහුගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ගායනය ඔස්සේ කලාවට පිවිසි තමයි රංගන කටයුතු තව හදාරමින් ඉදිරියට කරගෙන යාමට අදහස් කරන බවයි.
ඒ අනුව ගායන කටයුතු වගේම රංගන කටයුතු සිදු කරන බව ඔහු පවසා තිබුනා. අද වන විට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන දක්ෂ නවක රංගන ශිල්පියෙකු වන ප්‍රමොත් ගනආරච්චිට ඔහු ඉදිරියට සිදු කිරීමට නියමිත ගායන කටයුතු මෙන්ම සංවේග කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට හැකිවේවා යැයි ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු








