
කාලෙන් කාලෙට ආදරණීය පෙම්වතුන් බිහිවනවාක් මෙන්ම, ඔවුන ගැන කාලෙන් කාලෙට හරි අපූරු කථා පුවත් තමයි මැවෙන්නේ. ගයාන් ගුණවර්ධන සහ පූජනී කියන්නේ එවැනි අපූරු පෙම්වතුන් යුවලක වනවා.
අපේ රටේ දක්ෂ ගායකයෙකු වන නුවන් ගුණවර්ධනගේ පුත් තමයි ගයාන ගුණවර්ධන කියන්නේ. ඉතින් සිය පියා මෙන් ඔහු ද ගායනට දක්වන්නෙ සුවිශේෂි දක්ෂතාවයකි.
එමෙන්ම අති දක්ෂ ජනප්‍රිය මෙන්ම විශේෂයෙන්ම තරුණියන්ගේ නෙත් සිත් ගත් කඩවසම් රංගන ශිල්පියෙකු ලෙස ද හැඳින්විය හැකිය.
එමෙන්ම සිය ප්‍රේක්ෂක නෙත් සිත් දිනාගන්නට මෙන්ම ඔවුනගේ ආදරය ගෞරවය ලබාගන්නට ද ගයාන්ට ඉතාමත් කෙටි කාලයක් තුළ හැකි වී ඇත්තේ ද ඔහු තුළ වූ නිහතමානි බව සහ ඔහුගේ අපූරු රංගන කෞශල්‍යතාවයන් මෙන්ම ඔහුගේ කඩවසම් බව ද නිසාවෙනි.
ගයාන් වගේම තමයි පූජනිත්. පූජනී කියන්නේ ද යොවුන් පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක වන අතර, පූජනි වැඩි වශයෙන්ම රංගනයෙන් දායක වන්නේ පෙම්වතියගේ චරිතය ද වන අතර, පූජනීට ද ගයන් ට මෙන් අති විශාල ප්‍රේක්ෂක පිරිසක් බිහි වී හාමරය.
ඔන්න ඉතින් “ගයාන් පූජනී” ව බහුතරයක් දෙනා පෙම්වතුන් ලෙසින් තමයි හඳුන්වන්නේ. නමුත් මේ දෙන්නා නම් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස්ම කථාවක්.
ඒ තමයි “මේ දෙන්නා හොඳම යාළුවෝ විතරයි” කියන කථාව.මේ දෙන්නා බොහෝ වේලාවට ඉන්නේම එකට. පහුගිය වැලන්ටයින් එක සමරන්නත් දෙන්නා ගිහින් තිබෙන අතර, දෙන්නා ට්‍රැවල් කරන්නෙත් එකට තමයි.

ඔන්න ඉතින් ගයාන් පූජනි දෙන්නා ඩුබායි වල තමයි ඉන්නේ. මේ දෙන්නා ඩුබායි වල දී ගත් අපූරු ඡායාරූපයන් කිහිපයක්ම සමාජගත කර තිබෙනවා.
ඒ කියන්නේ “ගයාන් පූජනි” දෙන්නාගේ ප්‍රේමනීය අන්දමින් සිටින ෆොටෝස් කිහිපයක් ම සමාජ මාධ්‍යයන්ට මුදාහැර තිබෙන අතර, පූජනී ඒ ඡායාරූපයන් සඳහා කියා තිබෙන්නේ නම් “එකට ඉන්න කැමතිම තැන” කියලයි.
ඒ වගේම ඔබේ ආදරණීය කඩවසම් රංගන ශිල්පියා ගයාන් ගුණවර්ධන ඒ ෆොටෝස් සමාජ මාධ්‍යයන්ට මුදා හරිමින් කියා තිබෙන්නේ, “අපි එකට ඉන්න කොට හැමදාම හොඳ දවසක් වෙනවා” යි කියලා.








