උණුසුම් පුවත්

“රංගනයෙන් ගන්න මුදලින් විතරක් ජීවත් වෙන්න අමාරුයි” මල්කාන්ති ජයසිංහ

හෙන්රි ඉබ්සයන්ගේ අපූරු වේදිකා නාට්‍යයක් විදියට “බෝනික්කි ගෙදර” හැඳින්විය හැකි අතර, එහි ආදර මල් අම්මා ලෙසින් අපූර්වට රංගනයේ යෙදෙන්නේ, ඔබේ ආදරණීය කලාකාරිනිය මල්කාන්ති ජයසිංහ රංගන ශිල්පිනිය වන අතර,

ඇගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මාර්තු මස 12වෙනි දින එලිෆිල්ස්ටන් රඟහලේ එළිදක්වන්නට සූදානමින් ද සිටිනවා.

මේ දින වල “මඟුල් කපුවා, මාරක ලිඳ” වැනි වේදිකා නට්‍යයන් හි රංගනයේ යෙදෙන මල්කාන්ති ජයසිංහ ඔබේ ආදරණීය රංගන ශිල්පිනිය, වේදිකාවේ පමණක් නොව ටෙලි තිරය රිදී තිරය ද ආගන්තුක නොවේ.

නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් අතරට එන මල්කාන්ති රංගන ශිල්පිනිය වටා එදා මෙදා තුර සිට සිටින ප්‍රේක්ෂකයින් පිරිස අතිමහත් ය. ඔන්න ඉතින් මල්කාන්ති රංගන ශිල්පිනියගේ බෝනික්කි ගෙදර වේදිකා නාට්‍යය ඇයට සංකීර්ණ චරිතයක වී හමාර ය.

මේ දවස්වල කාර්යබහුල දිවියක් ගෙවන මල්කාන්ති රංගන ශිල්පිනිය ට බෝනික්කි ගෙදර හැමෝම උදව් කරනවා මේ වැඩේ සාර්ථකව කරන්නට.

1997 වසරේ ටෙලි නාට්‍යය කරලියට පැමිණෙන මල්කාන්ති ජයසිංහ කියලා කියන්නේ, වෘත්තීමය රංගන ශිල්පිනියක වන අතර, ඉතින් ඒ නිසාම ඇගේ ජීවිතේ ගෙවෙන්නේ ද රංගනය තුළින් වන අතර,

මල්කාන්ති රංගන ශිල්පිනිය කියන කථාවක් තමයි, “ඇයට වේදිකා රංගනයෙන් විතරක් ගන්න මුදලින් ජීවත් විය නොහැකි බවයි”.

ඉතින් එදා මෙදා තුර මල්කාන්ති විසින් රංගනයේ යෙදුණු බොහෝ ටෙලි නාට්‍යයන් ප්‍රමාණයක් ම අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙන්නේ, සිවගුරුනාදන් මහතා විසිනි.

නාට්‍යයන් වලදී බෙහෝ දුරට මල්කාන්තිට ලැබෙන්නේ “මවක” ගේ චරිතය වන අතර, ඔන්න ඉතින් මල්කාන්ති කියන්නේ මෙන්න මේ වගේ හරි අපූරු දෙයක් තමයි, “මම ෂූටින් එහෙම කරනකොට දුවේ පුතේ කියලා තමයි කථා කරන්නේ.

ඉතින් ඒ නිසාම ඒගොල්ලෝ හැමෝටම මම අම්මා කෙනෙක් වගේ”, කියලා. කෙහොම නමුත් වේදිකාවෙන් සිය රංගන දිවිය අරඹන මල්කාන්ති, අදටත් ආදරය කරන්නේ වේදිකාවට වන අතර,

ටෙලි තිරයේ නම් වැඩි වශයෙන් ඇය කුරිරු චරිතයන් තමයි නිරූපණය කර තිබෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි, ඇය පාසල් යන කාලේ ඇගේ පවුලේ ආදරණීයයන් සමඟින් වේදිකා නාට්‍යයන් නැරඹීමට ද ගොස් ඇති අතර,

පසුව උසස් පෙළ විභාගයට පෙනී සිටින මල්කාන්ති රංගන ශිල්පිනිය, රැකියාවක් කරන්නට කියා කොළඹ බලා පිටත් වෙනවා ඒ කාලේ. ඉතින් ඔහොම යද්දි තමයි ඇය කලාවට අත් පොත් තබන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button