උණුසුම් පුවත්

තාත්තගේ පෙනුම මට තියන නිසා ගොඩක් අය මගේ මුණ පිරිමියෙක් වගේ කියලත් කියනවා

බොහෝ ප්‍රේක්ෂක ආදරයට, ගෞරවයට පාත්‍ර වී සිටින ජනප්‍රිය කලා පවුලක් තමයි ඇන්තනි පවුල කියලා කියන්නේ.

රංගනයට පමණක් නොව ගායනයට, නර්තනයට, නිවේදනයට…වැනි විවිධ අංශයන්ට දස්කම් දක්වන එම පවුලේ සාමාජිකයින් අතර සිටින එකම දියණිය තමයි මාධවී ඇන්තනී කියලා කියන්නේ.

මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන “මහවිරු පන්ඬු” ටෙලි නිර්මාණයෙහි “කුමී” නම් චරිතය හරහා ඔබ හමුවට එන ඇය රංගනයට මෙන්ම ගායනයට හා නර්තනයටද උපන් හපන්කම් දක්වන රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි.

ඇයගේම කියා ගීත කිහිපයකටද හිමිකම් කියන මාධවී පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්ව තිබෙන්නේ ඇය රංගනයෙන් දායක වී තිබෙන අලුත්ම ගීතයක් වන “අපි තමයි අපිව දන්නේ..” ගීතය නිසයි.

ඇය කියා සිටින්නේ ඇය ගේ හැඩහුරුකම් මදක් ඇයගේ පියා වන ජැක්සන් ඇන්තනී මහතාගේ හැඩහුරුකම් හා සමාන බැවින් බොහෝ දෙනා ඇය පිරිමියෙක් වගේ කියන බවයි.

නමුත් ඇයගේ විලාසිතාවන්, වේශ නිරූපණය ඉතා අලංකාරව හැඩ ගන්වා “අපි තමයි අපිව දන්නේ…” ගීතය තුලින් ඉදිරිපත් කර තිබෙනු ඔබ දකින්නට ඇති.

මේ වන විට youtube වාර ලක්ෂ 5 කටත් අධිකව නරඹා තිබෙන එම ගීතය හරහා ඇයට ප්‍රේක්ෂක ආදරය, හොඳ ප්‍රතිචාරයන් රාශියක් ලැබෙන බවයි අපට දැනගන්න ලැබුනේ.

ඉතින් එම අනර්ඝ ගීත නිර්මාණයේ පද රචනය සහ පිටපත් නිර්මාණය කසුන් මහේන්ද්‍ර හීනටිගල අතින් නිමව ඇති අතර හේමක විජේරත්න විසින් ගී තනුව ද,

කැමරා අධ්‍යක්ෂණය සජිත වීරප්පෙරුම විසින් ද නිම වුණු බව හා එහි ඇයව එතරම් ලස්සනට පෙනෙන්න කසුන් විසින් capture කළ බවයි ඇය කියා සිටියේ.

ඉතින් මේ අති දක්ෂ, නිහතමානී, සුන්දර හදවතක් හිමි ,සුරූපී රංගන ශිල්පිනිය මාධවී ඇන්තනීගේ ඉදිරි ගමනට අපි ද ඇය හට සුභ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button