අහුලගත්ත ගොසිප්

පිය පදවියට සුදානමින් ඉන්න මනේජ් සංජය සංවේදීව කියූ කතාව

හිරු ටීවී නාලිකාවේ විකාශය වන “හිරු ස්ටාර්” කියලා කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙක් නරඹන ජනප්රියතම රියැලිටි වැඩසටහන කිව්වොත් බොහෝ දෙනෙක් එයට එකඟ වනු ඇති.

එහි season 2 හි තරග වැදුණු බොහෝ ප්රේක්ෂක සිත් දිනාගත් තරගකරුවෙක් තමයි මනේජ් සංජය කියලා කියන්නේ. ඉතා නිහතමානී, සුහදශීලී, සොඳුරු තරුණයකු වන ඔහුට ඉතා ඉක්මනින් උණුවන ,සංවේදී හදවතක් හිමී කිව්වොත් ඔයාලා හැමෝම එය ඉහළින්ම පිළිගනු ඇති.

තරගාවලිය තුළ දී පවා අන් තරගකරුවන් වෙනුවෙන් නැගී සිටි ,තවත් එක් තරග කරුවකු ලෙස නොව මිතුරකු ලෙස සොහොයුරකු ලෙස අන් තරගකරුවන්ට උදව් උපකාර කළ ඔහු පිළිබඳව සමාජ මාධ්යන් තුල නිතර වඩාත් කතාබහට ලක්වන්නේ ඔහුගේ ඇති යහපත් ක්රියාවන් නිසයි.

ඒ වගේම මේ දිනවල විවාහ උත්සවයන්ට සහභාගීව පැමිණ සිටින්නන් පුදුම කිරීම නිසාද මනේජ් කතාබහට ලක්ව තිබෙනවා.

තවද නිරන්තරයෙන් අන් අය පිළිබඳව සිතන ඔහු සමාජ සේවාවන් සඳහා ද නිතර යොමුව නැති බැරි බොහෝ පුද්ගලයින් හට උදව් උපකාර කර ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.

මේ වන විට සුන්දර යුග දිවියක් ගත කරන ඔහු නොබෝ දිනකින් පිය පදවියේ ලැබීමට ද සූදානමින් සිටින බව ඔහුගේ ආදරණීය රසික රසිකාවියන් නොදන්න කෙනෙක් නැහැ.

ඉතින් ඉකුත් පෙම්වතුන්ගේ දිනය දා ඔහු විසින් පෙම්වතුන්ට, පෙම්වතියන්ට අවවාදයක් ද සහිතව සුභ පැතුම් පණිවිඩයක් සමාජ මාධ්යයට එක් කර තිබෙනු අපට දක්නට ලැබුණා.

එය මෙසේයි,

“ආදරය පිවිතුරු නම් ,ආදරය අවංක නම් හැමදාම වැලන්ටයින්. අපිට ඉතින් හැමදාම වැලන්ටයින්. ඒ උනාට අද ඉතින් වැලන්ටයින් නේ ඔයාලා හැමෝටම “happy valentine” වැලන්ටයින් කියලා මගේ නංගිලා ටික ජීවිතේ වැරදි තීරණ ගන්න එපා.

room ගානෙ, පඳුරු ගානේ නෙමෙයි ආදරේ තියෙන්නෙ. ආදරය සමරන ලස්සන දවසක ජීවිතය විදවන තීරණ ගන්න එපා.

අදත් ඉතින් වැලන්ටයින් කියලා හරියට මුණවත් බලන්න විදිහක් නෑ. show වල අපේම උන් එක්ක බුරුතු පිටින් ගැවසිලා එළිවෙන ජාමෙ ගෙදර ඇවිත් වෙනම කාමරේක නිදාගන්නෙ එයයි ,පැටියයි පරිස්සම් කරන්න ඕන නිසා.

ආයෙත් එළිවෙලිවෙන ජාමේ නැගිටලා බාරගත්තු වැඩ වලට යනවා. අදත් එහෙමයි. එයාලගේ අනාගතයේ ලස්සන කරන්න ඕනේ මම නේ. අද හික්කඩුව ෂයිනි අපි උදෑසන මංගල සාදයක් තියෙනවා.

වීරවිල ඒක ඉවර වෙලා මම එන්න ඕනේ. අවිස්සාවේල්ලෙ …. ආයතනයට අපේ කොල්ලො, කෙල්ලො වෙනුවෙන් ගී ගයන්න.ඊට පස්සේ එහෙම්මම යන්න ඕනේ රත්නපුර රාත්රී මංගල සාධයක ගී ගයන්න.

ඒක ඉවර උන සැනින් රත්නපුර ටවුමට දුවන් එන්න ඕනේ හික්කඩුව ෂයිනි අපි රත්නපුර නගරයේ ලස්සන ප්රසංගයක්. ලස්සන හිත් ඇති, බුද්ධිමත්, නීතියට ගරු කරන අපේ කොල්ලො, කෙල්ලො ටික එන්න ප්රසංගය බලන්න.

ඊට පස්සේ එතනින් ඉක්මනට බද්දේගම එන්න ඕනේ අම්බලන්ගොඩ නේත්‍රා එක්ක ලස්සන ප්‍රසංගයක්. මටත් හරි කලබල දවසක්. වෙනදා වගේමයි කියන්නේ.

කලබලෙන් වැඩ කරන නිසා ඔයාලව මග ඇරුනොත් සමාවෙන්න ඕනේ.

ආදරෙයි” ඉතින් ලොකු කුඩා වයස් භේදයකින් තොරව කවුරුත් එක ලෙස ආදරය කරන මේ නිහතමානි, සොඳුරු ගායන ශිල්පියා මනේජ් සංජයගේ ඉදිරි ගමනට මෙන්ම ඉදිරියේදී ලැබීමට නියමිත පිය පදවියට ද සුභ පැතුම් එක්කර සිටින්න අපි අමතක කරන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button