අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්තරු ගොසිප්

කොටට අඳින එක අමුතු දෙයක් නෙවේ, පියුමාලි පාලමකුඹුර

“දුවිලි අහස” ටෙලි නිර්මාණය හරහා රංගන ශ්‍රේෂ්ත්‍රය ට පා තබන ඇය මේ වන විට නිර්මාණ ගණනාවක් හරහා ප්‍රේක්ෂක ආදරය දිනා සිටින රංගන ශිල්පිනියක් බව ඔබත් පිළිගනු ඇති.

ඇය තමයි අපේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, සුරූපී ,නවක රංගන ශිල්පිනියක වන පියුමි පාලමකුබුර කියලා කියන්නේ.

“දෙවනි ඉනිම” ටෙලි නිර්මාණයේ “ටීනා” නම් චරිතයටත් ,මේ දිනවල විකාශය වන, බොහෝ දෙනෙක් ඉතා ආසාවෙන් නරඹන ,වෙනස්ම ආකාරයේ තේමාවක් සහිත ටෙලි නිර්මාණයක් වන “ෂැඩෝ” ටෙලි නිර්මාණයෙහි “නූරි” නම් චරිතයටත් පණ පෙවූ ඇය,

මෙතෙක් රංගනයෙන් දායක වී තිබෙන චරිත අතර එය වෙනස්ම ආකාරයේ චරිතයක් කිව්වොත් නිවැරදියි.

“නූරී” නම් චරිතය සදහා මදක් කෙටි ඇඳුමින් සැරසීමට සිදුව තිබෙන ඇය කියා සිටියේ එහි රංගන ශිල්පීන්, ශිල්පිනියන් හට ඇඳුම් පිළිබඳව තීරණය ගැනීමට පූර්ණ නිදහස ලබා දී තිබූ බවයි.

ඒ වගේම අඩ නිරුවත් රංගන ශිල්පිනියන් අගය කරන ඇය කියා සිටියේ ඇය කිසිදා අඩ නිරුවත් නිර්මාණ බාර නොගන්නා බවයි.

රංගනයට අමතරව වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන ඇය තම රංගනයත්, වෘත්තියත් එකලෙස සමබරව පවත්වාගෙන යන බව හා තම වෘත්තිය නිසා මේ වන විට රටවල් ගණනාවක විවිධ ස්ථානයන්වල සංචාරය කිරීමේ වාසනාව උදා වූ බවයි පියුමාලි කියා සිටියේ.

ඒ වගේම දක්ෂ, ජනප්‍රිය ,කවුරුත් හඳුනන අධ්‍යක්ෂකවරයකු වන නාලක විතානගේ ගේ ආදරණීය බිරිඳ වන පියුමාලි කියා සිටියේ “ෂැඩෝ” ටෙලි නිර්මාණය ද ඔහු ගේ අධ්‍යක්ෂණයක් බව හා ඔහුගේ නිර්මාණයකට රංගනයෙන් දායකවීමට ලැබීම ඇයට මහත් සතුටක් බවයි.

ඒ වගේම රංගනයේ දී ඔහුගෙන් ඇයට අති විශාල සහයක් ලැබෙන බවයි මේ සුරුපී රංගන ශිල්පිනිය අවසන් වශයෙන් කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button