“ෆිල්ම් එකේ චරිතයක් විදියට විතරක් මගේ දිහා බලන්න, සැබෑ ජීවිතේ එහෙම දේවල් මගේ නෑ” අසංකා හේමමාලි

අසංකා හේමමාලි ව හැමෝම වාගේ දන්නේ හේලි පෙරේරා යන නමිනු යි. ඇය මේ වෙද්දී කා අතරත් ජනප්‍රිය චරිතයක් වී හමාරය. ඒ වගේම ඇයට “ජං’ගි හොරා” චිත්‍රපටය හරහා බෙහෙවින් ජනප්‍රිය චරිතයක් වන්නට හැකියාව ලැබිණි.
“හේලි” කියන නමේ තේරුම තමයි “ හිරු” කියලා කියන්නේ. ඉතින් ඇය ඒ නමට හරි ආසයි ලු. මොකද හිරු නැතිනම් ලොක්යේ ජීවයක් නොමැතිකම නිසා.
ඉතින් ඇයට ද අවශ්‍යය කරන්නේ නිකම්ම ඔහේ ජීවිතේ ගෙවන කාන්තාවක නොවී, රටට දැයට වැඩදායක කාන්තාවක වීමට ය. එමෙන්ම ඇය හරි ආසයි ලෝකයට යහපත අවබෝධ කර දෙන්නට.
හේලි කියලා කියන්නේ වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක වන අතර, ඒ කොවිඩ් වසංගතයට පෙර සිට ය. එමෙන්ම ඇය නිරූපණය ගැන හදාරලා ඇගේම නිරූපණය පිළිබඳ පාසලක් පවා පවත්වාගෙන ගොස් තිබෙනවා හරි අපූරුවට.
ඉතින් ඇගේ නිරූපණ පාසල හරහා අද වෙද්දී නිරූපණ ක්ෂේත්‍රයේ පා තැබූ පිරිස් බොහෝ ය. ඉතින් මින් පෙර හේලි, කලා අධ්‍යක්ෂක නාරදයන්ගේ මාර්ගයෙන්, සංජය නිර්මාල් මහතාණන්ගේ “ස්වර” සිනමාපටයේ ද හරි අපූරුවට රංගනයේ යෙදී තිබෙනවා.
හේලිට ඒ ෆිල්ම් එකේ රඟපාන එක නම් ලොකු අභියෝගයක් වුණා කියලයි ඇය නම් කියන්නේ. ඉතින් කාලයාගේ ඇවෑමෙන් “සිරි පැරකුම්, සරිගම” වැනි සිනමාපටයන්හි ද රංගනයේ යෙදෙන්නට හේලිට අවස්ථාව ලැබෙන අතර,
ප්‍රසන්න ජයකොඩියන්ගේ “28” සිනමාපටයේ එක් දර්ශනයක් වන මෘත ශරීරාගාරයේ මිය ගිය කාන්තාවක ලෙස පෙනී සිටීමේ දර්ශනයක සිටින්නට ඇයට අවස්ථාව ලැබෙනවා.
ඔන්න ඉතින් මෑතකදී නිමවුණු “ජං’ ගි හොරා” චිත්‍රපටයේ, රංගනයේ යෙදුණු හේලි විසින් නිරු’ වත් දර්ශනයක ද පෙනී සිටිනවා. ඉතින් හේලි කියනවා මෙන්න මේ වගේ කථාවක්.
“ගණි’ කාවක චරිතේ තමයි එතනදී නිරූපණය කරන්නේ. ජාත්‍යන්තරව ද ෆොටෝ මොඩල් කෙනෙක් ලෙස කටයුතු කර තිබිම නිසා, “ජං’ ගි හොරා” ෆිල්මි එකේ මේ චරිතෙට පෙනී සිටීමට මට ශක්තිය ලැබුණා.
ඒ වුණත් මේ සැබෑ ජීවිතේ නෙමෙයි. මේක රඟපෑමක් විතරයි. ඉතින් මං කියන්නේ මේ ෆිල්ම් එකේ එන චරිතයක් විදියට විතරක් මා දිහා බලන්න. නැතුව සැබෑ ජීවිතේට මෙවැනි දේ අලලා කථා කරන්නට එපා”, කියලත් ය.








