අහුලගත්ත ගොසිප්

පෙනුම නිසා මට ලැබෙන්නේ නපුරු චරිත සංගීතේ පොඩි අතුල කියූ කතාව

ඔන්න ඉතින් අද අපි කථා කරන්නට හිතුවේ වීදි නාට්‍යයන් තුළින් කලාවත් සමඟින් අත්වැල් බැඳගන්නට වරම් ලැබූ මෙන්ම, ඔයාලා ගොඩාක් ආදරය කරන ප්‍රේක්ෂක සිත් වසඟයට පත් ජනප්‍රිය ආදරණීය කලාකරුවෙක් ගැනයි.

ඉතින් ඒ තමයි නිරෝෂ් අනුරාධ කියලා කියන්නේ. මේ වෙද්දී නිරෝෂ් වටා ඉන්න ප්‍රේක්ෂක පිරිස නම් අති විශාලයි.

දුෂ්ටයන්ටත් මෙන්ම වීරයන්ටත් හරි අපූර්ව ලෙසින් පන පොවන නිරෝෂ් අනුරාධ ඔබේ ආදරණීය කලාකරුවා පෙම්වතාගේ චරිතය ද හරි අපූරුවට රඟපානවා ඔන්න ඉතින් ඔහුගේ ටෙලි නාට්‍යයන් තුළින් නිරෝෂ්ට ආදරය කරන ඔයාලට නරඹන්නට පුලුවන්.

ඔන්න ඉතින් ලොකු කුඩා ගොඩාක් දෙනෙක් හරිම ආසාවෙන් නරඹපු, “කෝරළේ මහත්තයා-දෙවනි කොටස” ටෙලි කථා මාලාව මතකයි නේද ඔයාලට.

ඉතින් අන්න ඒක තමයි, ඔයාලා ආදරය කරන නිරෝෂ් අනුරාධ පළවෙනියටම රංගයෙන් දායක වුණු ටෙලි නාට්‍යය වෙන්නේ. ඒ “බණ්ඩියා” ගේ චරිතය තුළිනි. ඒ වගේම පසුකාලීනව “කෝටිපතියෝ” ටෙලි නාට්‍යයයේත් නිරෝෂ්ට රංගන වරම් ලැබෙනවා.

“ක්වීන්, ආගන්තුකයා, අග්නි පියාපත්, ස්වර්ණපාලි, අදිති, හඳවතේ කථාව, හඳයා” වැනි අපූර්ව වූ ටෙලි නාට්‍යයන්හි රංගනයේ යෙදෙන නිරෝෂ් ඔන්න ඉතින් මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන “ගුග්ලි” ටෙලි නාට්‍යයයේ රංගනයේ යෙදෙන අපූරුව නිරෝෂ්ට ආදරය කරන ඔයාලාට නිරඹන්නට පුලුවන් වගේම,

මේ දවස්වල දෙරණ ටීවී මඟින් විකාශනය වන “සංගීතේ” ටෙලි නාට්‍යයේ ද අපූර්ව ලෙසින් රංගනයේ යෙදෙන නිරෝෂ් අනුරාධට මේ වෙද්දී හැමෝගේම හිත දිනාගන්නට හැකි වී තිබෙනවා.

මැ’ ර චරිතයන් හි තමයි ඔන්න ඉතින් ගොඩක්ම නිරෝෂ් රංගනයේ යෙදෙන්නේ. මොකද නිරෝෂ්ගේ බාහිර පෙනුම මෙන්ම කටහඬත් වැනි අංග ලක්ෂණයන් නිසාම තමයි ඔහුට එවැනි චරිතයන්ම නිරන්තරයෙන්ම ලැබෙන්නේ.

නිරෝෂ්ගේ පවුලේ කිසිම කෙනෙක් කලාවත් එක්ක නෑකම් නොකියූවත් කලාවට ලැඳි පවුලක් තමයි නිරෝෂ් ගේ පවුල කියන්නේ.

ඉතින් ඔහුට ඉන්නේ මවත් පියාත් සහ සහෝදරයෙක් පමණකි වන අතර, පවුලේ ආදරණීයයන් කලාවට ඇති ලැඳියාව තමයි නිරෝෂ්ගේ කලා ජීවිතයේ ප්‍රගමනයට හේතුපාදක වී තිබෙන්නේ.

ගොඩාක් දෙනෙක් හරීම ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යක්නේ “සංගීතේ” කියන්නේ. ඉතින් ඔයාලා දැන් දන්නවානේ ඔයාලාගේ ආදරණීය කලාකරුවා නිරෝෂ් “සංගීතේ” ටෙලි නාට්‍යයයේ රංගනයේ යෙදනවා කියලා.

ඉතින් ඒ “පොඩි අතුල” නමින් වනවා. ඉතින් නිරෝෂ් කියන දෙයක් තමයි, “මඟ තොට දී වුණත් ඔහුට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන්නේ විශාල ප්‍රතිචාරයන් වගේම ඉතින් ඒ නිසාම ඔහුට ගොඩාක් සතුටුයි.

ඒ විතරක් නෙවෙයි, සංගීතේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් විසින් සහ සහාය අධ්‍යක්ෂක ලසන්ත මධුෂාන් විසින් තමයි මේ අවස්ථාව ඔහුට ලැබුණේ” කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button