
එදා මෙදා තුර රංගන ක්ෂේත්‍රයට බිහිවූ ඉතා ආදරණීය, කටකාර ,දඟකාර රංගන ශිල්පිනියක වන ඇය අදටත් කුඩා ළදැරියක සේ සුරතල් කිව්වොත් ඔබත් ඊට එකඟ වනු ඇති.
දශක ගණනාවකට අධික කාලයක් හාස්‍ය රංගනයෙන් නිරන්තරයෙන් ප්‍රේක්ශක මුවගට සිනහවක් රැගෙන ඒමට සමත් වූ ඇය අති දක්ෂ, ප්‍රවීණ රංගන ශිල්පිනී උදයකුමාරි රණසිංහ යි.
වයස අවුරුදු අටක් වැනි කුඩා අවධියේ සිට රංගනය හා එක්වන ඇය එදා සිට අද දක්වා ප්‍රේක්ෂක හදවතට ඉතා සමීපව සාර්ථක ලෙස බොහෝ දුරක් පැමිණ තිබෙන අතර,
ඇය කියා සිටින්නේ කෙනෙකුගේ හැසිරීමෙන් ඇයට ඇති කැමැත්ත අකමැත්ත සිතා ගත හැකි බව හා එවැනි අකමැති පුද්ගලයින් සමග ගනුදෙනු කිරීමට ඇය ද අකැමැති බවයි.
දුප්පත් පැල්පතෙන් ජීවිතය අරඹා මේ වන විට තම උත්සාහයෙන්, උනන්දවෙන්, දුක් විඳ සුවිසල් මන්දිරය දක්වා සෙමෙන් ගමනක් පැමිණ තිබෙන මේ සොඳුරු රංගන ශිල්පිනිය ආ මඟ දෙස ආපසු හැරී බලන විට නිහතමානී ආඩම්බරයක් දැනෙන බවයි කියා සිටින්නේ.
ඒ වගේම රංගන ක්ෂේත්‍රයේම පුද්ගලයකු සමඟ සාර්ථක විවාහ දිවියක් ගත කරන ඇය මේ වන විට ආදරණීය මවක් ද වන බව ඔබත් දන්නවා ඇති.
ඉතින් සාධාරණය වෙනුවෙන් නැගී සිටීමට තරම් ශක්තිමත් කශේරුකාවක් සහිත කාන්තාවක වන ඇය ශේත්‍රය තුල ප්‍රතික්ෂේප වීමට ලක් වුවහොත් ඒ පිළිබඳව සොයා බලා අසාධාරණය වෙනුවෙන් ම’ රාගෙන මැ’ රෙනන වුණත් සූදානම් බවයි බවයි කියා සිටියේ.
]තාඩන, පීඩන, ගැටලු මධ්‍යයේ වුවත් නිතර සිනාමුසු මුහුණින් ජීවිතයට මුහුණ දෙන ඇයගේ ජීවිතයේ කපා දැමීමට කියා කිසිදු අවස්ථාවක් පැමිණ නොමැති බව හා මෙතෙක් පැමිණි ජීවන ගමන්
මගේ අවුරුදු පහලොවක්, දාහතක් වැනි පාසල් සමයට වඩාත් ප්‍රිය ප්‍රිය කරන ඇය පාසල් කාලයේ ද ඉතා දඟකාර තැනැත්තිය බවයි අපට දැනගන්න ලැබුණේ.
ඒ වගේම මිතුරු මිතුරියන් සමග ඉතා සැහැල්ලුවෙන් කිසිදු ගැටළුවක් නොමැතිව ගත කළ ඒ සොඳුරු පාසල් කාලයට නැවත යන්න තිබෙනවා නම් බෙහෙවින් ප්‍රිය කරන බවයි ඇය කියා සිටියේ.








