
“පාරදිගේ” කියල කියන්නේ මේ දිනවල වඩාත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වගේම දක්ෂ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම තිර රචකයකු වන ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ සද්ධා මංගල සූරියබණ්ඩාර විසින් නිර්මාණය කරන ලද ටෙලි නිර්මාණයක් වනවා.
එහි එන බොහෝ දෙනෙක් ආදරය කරන එකිනෙකට වෙනස් චරිත අතර “අබී” නම් චරිතයට සුවිශේෂ ස්ථානයක් හිමිවනවා. ඉතින් එම චරිතයට ජීවය එක් කරනු ලබන්නේ නව පරපුරේ සිටින දක්ෂ, ජනප්‍රිය, කඩවසම් රංගන ශිල්පියකු වන මිස්සක සචින් චතුරංග මෙන්ඩිස් විසිනුයි.
ජනප්‍රිය නිවේදන ශිල්පියකු වන රංගන ද සිල්වාගේ මැදිහත්වීමෙන් “පාර දිගේ” ටෙලි නිර්මාණය සඳහා රංගන අවස්ථා හිමි කර ගන්නා ඔහු ක්ෂේත්‍රයට පා තබා ඇත්තේ ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්නයන්ගේ මාර්ගයෙන් බවයි කියා සිටියේ.
මව ,පියා හා වැඩිමල් සොහොයුරන් දෙදෙනෙකු ගෙන් යුත් පවුලේ කුඩාම සාමාජිකයා ලෙස මෙලොව එළිය දකින ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් සහ ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අතර,
ඔහුගේ පොඩි අයියද රංගන ශිල්පියකු වන බවත් “සූරිය අරණ” සිනමා නිර්මාණයෙහි පොඩි හාමුදුරුවන්ට රංගනයෙන් දායක වී ඇති ඔහු නමින් දසුන් මධුසංක යි.
ඒ වගේම අනෙක් වැඩිමල් සොයුරා සූපවේදියකු බවයි සචින් කියා සිටියේ. වැඩිමල් සොහොයුරා ගේ රංගනයන් දැක, ඔහු දිනාගත් සම්මානයන් දැක කුඩා කල සිට රේස් පදින්නකු, ගුවන් නියමුවකු වීමේ දුටු සිහිනය පසෙකලා රංගන ශිල්පියකු වීමට සිහින දුටු බවයි ඔහු කියා සිටියේ.
පාසල් සමයේ ඉතා දඩබ්බර යෞවනයකු වූවත් ශාන්ත පීතර විදුහලට ඇතුළත් වීමත් සමඟ කලා කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපනය සඳහා වැඩි අවධානයක් යොමු කිරීම නිසා ඉන්පසු දඩබ්බර ගති මදක් මග හැරී ගොස් කලාවෙන් මෙන්ම අධ්‍යාපනයෙන්ද බොහෝ දස්කම් දැක්වීමට හැකි වූ බවයි සචින් කියා සිටියේ.
රංගනයට අමතරව ගායනයට හා වාදනයට ද දස්කම් දක්වන ඔහුගේ සංගීතයට ඇති ලැදියාව නිසාම මේ වන විට “Roads” නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කර පවත්වාගෙන යන බවයි අපට දැනගන්න ලැබුණේ.
ඒ වගේම රංගනය ඉදිරියට කරගන යන අතරතුර තමන්ගේම කියා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටින මේ කඩවසම් රංගන ශිල්පියාගේ සියලු බලාපොරොත්තු එලෙසටම ඉටුවේවා කියා අපි ප්‍රාර්ථනා කර සිටිනවා.








