
ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රය තුල ඉමහත් ජනප්‍රියත්වයට ආදරයට පාත්‍ර වූ කලාකරුවන් දෙපලක් වශයෙන් සරංග දිසාසේකර සහ දිනක්ශි ප්‍රියසාද් යුවල හඳුන්වන්නට පුළුවන්.
රංගන කටයුතු තුළදී මෙන්ම සැබෑ ජීවිතයේ ජීවිතයේදී ද ඔවුන් සැබැවින්ම ආදරණීය යුවලක් වන අතර බිරිඳ ස්වාමියා වශයෙන් මෙන් ම ආදරණීය දෙමාපියන් වශයෙන් ද ඔවුන් ඉතාමත් සුන්දර ජීවිතයක් මේ වන විට ගත කරනු ලබනවා.
සමාජ මාධ් ඉතුරු ක්‍රියාකාරී කලාකරුවන් දෙපළ වශයෙන් ඔවුන් ඔවුන්ගේ රසික රසිකාවියන්ට ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ බොහෝ දෑ දැන්වීම සඳහා නිරන්තරයෙන්ම සුන්දර ඡායාරූප වීඩියෝ නිකුත් කරනු ලබන අතර,
ඔවුන් වටා සිටින ඔවුන්ට ආදරේ කරන රසික පිරිස් නිරන්තරයෙන්ම වේවා නරඹන්නට ද මේ වන විට පුරුදු වී සිටිනවා.
කෙසේ නමුත් අද වන දියණියකගේ මවක් වශයෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන දිනක්ෂි එදා මෙන්ම අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබනවා.
මවක් වශයෙන් ඇය ඉතාමත් කාර්යබහුල වුවත් නිරන්තරයෙන් රසික රසිකාවියන් වෙනුවෙන් ඔවුන්ගේ තොරතුරු එළිදක්වන්නට කටයුතු කරන ඇය මීට දින කිහිපයකට පෙර තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඉතාමත් දීර්ඝ සටහනක් තබන්නට කටයුතු කර තිබූ අතර,
මවක් වශයෙන් අපේ රටේ අම්මලාට තියෙන මානසික පීඩනය සම්බන්ධයෙන් ඇය දීර්ඝ සටහනක් තබන්නට වූ අතර ඉන් ස්වල්ප විස්තරයක් තමා ඔබ වෙත මේ ගෙන එන්නේ
උපුටු ගැනීමකි
පිට රට සුදු අම්මලාට නැතිලංකාවේ අපේ අම්මලාට තියෙන මානසික පීඩනය…
අලුත් අම්මෙකුට දරුවෙක් ලැබුනාට පස්සේ මානසිකව ගොඩක් පීඩා විදිනවා.. ඔය පීඩනය පටන් ගන්නේ බබෙක් ලැබෙන්න කලින් ඉදන්.. ඒ කියන්නේ කසාඳ බදින්නත් කලියෙන්නේ..
ඉස්සල්ලාම දකින දකින අය අහන්නේ කසාඳ බදින්නේ නැද්ද.. ඊටපස්සේ අහන්නේ මැරි කරලා අවුරුදු කීයක්ද තාම දරුවො නැද්ද.. දරුවෙක් ලැබුනාම තාම එකයිද මට ඔය වයසෙදි තුනක් හිටියා..
ඊටපස්සේ ළමයා කෙට්ටුයි මහත වැඩි එක එක ප්‍රශ්න ඒ හැම ප්‍රශ්නයක්ම වට පිටාවේ මිනිස්සුන්ට මිසක් තමන්ට නෙවෙයිනේ..
බබෙක් කුස දරන් ඉද්දි දුවෙක්ද පුතෙක්ද.. පුතෙක් ඇතෙක්නේ.. දුවෙක් සිරියාව.. අම්මේ ඉතින් ඉස්සල්ලාම දුවෙක් වාසනාව.. ඉස්සල්ලාම පුතෙක් හයියක්.. පින පින පින..
මම නම් ආසාවෙන් හිටිය ළමයා තමයි මට ඉස්සල්ලාම ලැබුනේ අනේ.. බලන්නකෝ නේද වාසනාවන්තයි නේද මම.. අර එහා ගෙදර නංගිට අංගවිකල දරුවෙක් ලැබිලලු නේද..
අනේ මන්දා පව්කාර කම.. බලන්නනම් එපා ඒ ළමයා දිහා.. අපි දකින කෙනා වගේනේ ළමයා ලැබෙන්නේ.. බල්ලො පූසෝ අතගාන්න එපා අප්පෝ ළමයගේ මූණත් ඒ වගේ වෙනවලු..
ඔතනත් මානසික පීඩනය දීලා දීලා අම්මලාව තද කරනවා.. අනිත් අයට ඕනි විදියට එයාලා කියන විදියට නෙවෙයි තමන් කැමති විදියට ජීවිතය ගෙවන්න.. තමන්ගේ දරුවා තමන් කැමති විදියට බලාගන්න හදාගන්න..
තමන්ගේ දරුවා හදාගන්න ලේසි තමන් කැමති විදියට හැදුවොත් මිසක් අරයා මෙයා කියන විදියට හැදුවොත් නෙවෙයි..
තමන්ගේ මනස නිදහස් කරගන්න ලේසි තමන්ට ඕනි විදියට ජීවත් උනොත් මිසක් එක එක්කෙනාගේ වල්පල් ඔළුවෙ දාගත්තොත් නෙවෙයි..








