අහුලගත්ත ගොසිප්

වැලන්ටයින් දිනයට කලින්ම ජනප්‍රිය ගායක සංගීත් ඉද්දමල්ගොඩගෙන් බිරිඳට දෙන තෑග්ග

වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ සිටින නව පරපුරේ ගායන ශිල්පීන් අතර ජනප්‍රියත්වයේ ඉදිරියෙන් පසුවන අති දක්ෂ, කඩවසම් ගායන ශිල්පියෙක් තමයි සංගීත් ඉද්දමල්ගොඩ කියලා කියන්නේ.

බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය දිනා සිටින ඔහු නිර්මාණයන් තුළින් නිතර දක්නට නොලැබෙන, ඉඳහිට දක්නට ලැබෙන ගායන ශිල්පියෙක් බව ඔබත් පිළිගනු ඇති.

ඉතින් ඔහු පිළිබඳව මේ මෑත භාගයේ ටිකක් වැඩිපුර කතාබහට ලක් වුණා කිව්වොත් නිවැරදියි. ඒ පසුගිය වසරේ පැවැත්වුණු ඔහුගේ විවාහ මංගල උත්සවයක් සමඟයි.

අමන්දා නම් සුරූපී ශ්‍රී ලාංකික තරුණියක සමඟ අතිනත ගත් සංගීත් මේ වන විට ඉතා සතුටින් ,සුන්දර ලෙස යුග දිවිය ගත කරන බවයි අපට දැනගන්න ලැබුණේ.

සංගීත වැඩකටයුතු වලට අමතරව ඇඩ්වර්ටයිසින් ආයතනයක සේවය කරන ඔහු මේ දිනවල ඒ සියලු වැඩකටයුතු නිසා කාර්ය බහුල දිවියක් ගත කරන බවයි කියා සිටියේ.

ඒ වගේම තම ප්‍රිය බිරිඳ වෙනුවෙන් සුන්දර ගීතයක් නිර්මාණය කර ඇයව පුදුම කරවූ සංගීත් අමන්දා ද සමඟ මේ එන පෙම්වතුන්ගේ දිනයේ ආදරවන්තයින් වෙනුවෙන්ම ඉතා ලස්සන ආදර ගීතයක් තිළිණ කිරීමට සූදානමින් සිටින බවයි කියා සිටියේ.

ඒ වගේ මෙහි තනුව සහ සංගීත යත් ඔහු අතින්ම නිමවී ඇති අතර ආදරය කරන සමයේ අමන්දා බොහෝ කලක් ඔහුගෙන් දුරස් ව අධ්‍යාපන කටයුතු හේතුවෙන් එංගලන්තයේ සිට ඇති අතර,

ඇයගේ ආදරය ඔහුගේ සිතට දැනුනු අයුරු පදවලට පෙරළා එම සුන්දර ගීතය ඇය වෙනුවෙන් නිර්මාණය කළ බවයි සංගීත් කියා සිටියේ. ඒ වගේම ඔහුගේ විවාහයෙ තේමා ගීතය ලෙස ද යොදා ගත්තේ එම ගීතය බවයි අපට දැනගන්න ලැබුනේ.

ශබ්ද පරිපාලකවරයකු, වෙළඳ සන්නාම ආයතනයක හිමිකරුවකු ලෙස ද සේවය කරන සංගීත් කියා සිටින්නේ ඔහුගේ ලොකුම ශක්තිය ආදරණීය බිරිඳ බවයි.

ඇයද වසර පහක් පමණ කාලයක් එංගලන්තයේ film and media පැත්තෙන් ඉගෙන ගෙන ඇති අතර ඒ සම්බන්ධව දැනුමක් ඇති තැනැත්තියක ලෙස ඇය ඔහුගේ රැකියාවේ වැඩ කටයුතු සඳහා ද උදව් උපකාර කරන බවයි සංගීත් කියා සිටියේ.

ඒ වගේම ඉදිරියේ දී ඔවුන් දෙදෙනා එක්ව entertainment industry එක වෙනුවෙන් අලූත් දෙයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි මේ ජනප්‍රිය ගායන ශිල්පියා අවසන් වශයෙන් කියා සිටියේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button