වයස අවුරුදු 8 ක් වු ලෝව ළාබාලතම තාරකා විද්‍යාඥවරීය වු බ්‍රසීලියානු ජාතික නිකෝලී ඔලිවීරා

මිනිසා එතරම කුතුහලයෙන් පසු වන දෙයක් ලෙස අභ්‍යවකාශ තොරතුරු හඳුන්වන්න පුළුවන්. මේ නිසා අපට පියවි ඇසට පෙනෙන හිරු, සද, තරු පිළිබඳ වෙන්නේ ඊට එහා ගිය බොහෝ තොරතුරු සොයා යෑම අද වන විට දියුණු තාක්ෂණයත් සමග සිදුකරනු ලබනවා.
මේ නිසාම අභ්‍යවකාශය හා සම්බන්ධ තොරතුරු සොයා යාමේ පර්යේෂණ ගවේෂණ වල නිරත බොහෝ විද්‍යාඥයන් පිරිසක් ලෝකය පුරා දක්නට ලැබෙනවා.
අපි මේ කියන්නට යන්නේ සුවිශේෂී විද්‍යාඥවරියක් ගැනයි. මේ සුවිශේෂී චරිතයක් බවට පත් වන්නේ දැනට ලෝකයේ සිටින ලාබාලතම තාරකා විද්‍යාඥවරිය විම නිසයි. ඇය බ්‍රසීලියානු ජාතික දියණියක් වේ.

තවමත් වයස අවුරුදු අටක් වන ඇය නමින් නිකෝලී ඔලිවීරා වේ. මේ පුංචි දියණිය ඇමෙරිකාවේ නාසා නාසා ආයතනය හා සම්බන්ධ වෙමින් දැනට කටයුතු කරන පුංචි විද්‍යාඥවරියක් වනවා.
මේ පුංචි විද්‍යාඥවරිය විසින් මේ වන විට අභ්‍යවකාශයේ සැරිසරන නව ග්‍රහ වස්තු 18 සොයාගෙන තිබෙනවා. බ්‍රසීල විද්‍යාඥයන්ගේ හා දියණියගේ මව, පියා මෙන්ම සිය පවුලේ අයගේ නම් යොදා ගෙන ඇය විසින් සොයා ගන්නා ලද එම නව ග්‍රහ වස්තු 18 නම් කිරිමටත් ඇය බලාපොරොත්තු වී සිටිනවා.
ඉතා පුංචි වයසේ සිටම අහස ගැන උනන්දුවක් දැක්වූ ඇය නිතරම අහස දෙසට තම දෑත් දිගු කරමින් විවිධ දේ තම දෙමව්පියන්ට කීමට පුරුදු වී සිටියා.

ඇය අහසට කෙතරම් ආදරේද කියනවා නම් ඇයගේ නිදන කාමරය පවා සෞරග්‍රහ මණ්ඩල පෝස්ටර් වලින් නිර්මාණය කිරීමට ඇයගේ දෙමාපියන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කුඩා වයසකදීම නාසා ආයතනයේ සම්මන්ත්‍රණයකට සහභාගි වූ ඇයට එහිදී විද්‍යාඥයින් හමුවීමට අවස්ථා උදව් අතර. කුඩා වයසේදීම ඇය “ග්‍රාහක දඩයක්කාරයෝ ” නැමති ව්‍යාපෘතිය මේ වන විට සම්බන්ධ වී කටයුතු කරනු ලබනවා.









