දුවට අවුරුදු 18 වුණාට පසසේ පාවිච්චි කරන්න දෙන්න දැන් ඉඳන්ම සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යනවා

බොහෝ ප්‍රේක්ෂක පිරිසගේ ආදරය අවධානය දිනා ගත් යොවුන් රංගන ශිල්පීන් දෙපලක් වශයෙන් කාගේත් අවධානයට යොමු වූ දෙපළක් ලෙස නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ හඳුන්වන්නට පුළුවන් වනවා.
ඇත්තට රංගන ජීවිතයේදී ආදරණීය යුවලක් වන මොවුන් මේ වන විට විවාහ වී සිටින අතර ආදරණීය දෙමව්පිය දෙපලක් ලෙස ඔවුනට හුරතල් වයසේ පුංචි දියණියක් සිටිනවාග
දරුවා නිසා කාලයක් පුංචි තිරයෙහි දක්නට නොලැබුණු නෙහාරා පීරිස් දරුවා ලැබීමෙන් පසු නැවතත් කලා ලෝකයට පිවිස සිටින අතර දරුවා ලැබීමට පෙර සිටියා සේම ඇයගේ සුන්දරත්වය ඒ අයුරින් අදටත් ඇය සතු වනවා.
නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ දෙපළගේ ආදරණීය දියණිය නමින් මෙයිලි රාජපක්ෂ වනවා. දරුවා ලැබීමෙන් පසු නැවත පුංචි තිරයෙහි කලා නිර්මාණ නිර්මාණවලට එකතු වී සිටින නෙහාරා කලකට පසු රඟපෑම් කටයුතුවලට යොමු වී සිටින නිසා
ඇයට ප්‍රධාන චරිතය ලැබෙනවා නම් පමණක් රංගන කටයුතු සඳහා පිවිසෙන බව ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡා වලට සම්බන්ධ වෙමින් කියා සිටියා.
දරුවා ලැබෙන්නට සිටි නිසා තරමක් බර වැඩි වී මහත් වී සිටි නෙහාරා කෙසේ හෝ තමන්ගේ බර අඩු කර ගනිමින් නැවත පරණ සිටි තත්වයට පත්වී ඇති අතර තමන්ගේ සිරුරේ බර යම් තරමකට පාලනය කරගෙන සිටින බවත් එය මෙහි මෙහිදී කියාසිටියා.
හුරතල් වයසේ දියණිය සමග කාලය ගත කරමින් කලා කටයුතුවලට සම්බන්ධ වන විට ඇයව තමන්ගේ දෙමාපියන්ගේ රැකවරණය තබා රංගන කටයුතු වෙනුවෙන් යන බවල
තමන්ගේ දෙමව්පියන් සමඟ සුහදව සිද්ධි නිසා කිසිම බියකින් තොරව එම කටයුතු හොදින් කරගෙන යාමට හැකි තවත් බවත් ඇය කියා සිටියා.
දියණිය ලැබීමෙන් පසු තමන්ට තිබු සැහැල්ලූව නොමැති වී ඇති අතර ඇයගේ වගකීමෙන් යුතුව අදරනිය මවක් වශයෙන් වගකීමෙන් යුතුව මේ වන විට කටයුතු කරන බවල
ඇය අදහස් දැක්වීමේ දී පවසා සිටියා.සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් ම මොවුන්ගේ ආදරණීය පවුල් ඡායාරූප පළ කරන අතර ඔවුන් දෙපළගේ ආදරයේ දියණිය බොහෝ දෙනා ආදරය කරන චරිතයක් බවට කුඩා කාලයේදීම පත්ව ඇති අතර සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන්ම ඇයගේ සුන්දර ආදරණීය හුරතල් ඡායාරූප දක්නට හැකි වනවා.
2019 වසරේ දී සමාජ මාධ්‍ය වලට යොමු වූ නේහාරාට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස විශාල වශයෙන් සිටින අතර දරුවාගේ සුන්දර වීඩියෝ ඡායාරූප නිරන්තරයෙන්ම මෙම සමාජ මාධ්‍ය වලට මුදා හරිනු ලබන අතර
එය මේ ආකාරයෙන් සිදු කරනු ලබන්නේ දරුවා වෙනුවෙන් බව දරුවාට වයස අවුරුදු 18 වූ පසු ඇයට ඒවා ඉදිරියට පවත්වාගෙන යන්නට හැකි වන ලෙසත් දරුවාගේ නමින් මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන යන බව ඇය කියා සිටියා. තොරුතුරු ලබා ගැනීම අරුණ පුවත්පත ඇසුරිනි








