ගිටාර් එක ඩ්‍රම් එක අපුරුවට හසුරුවමින් වාදනය වෙනස්ම මානයකට රැගෙන ගිය අයියා මලෝ දෙපළ සරිත් සුරිත්

පුංචි වයසේදිම සංගීතයට යොමු වු මොවුන් දෙපළ නිවුන් සහෝදරයන් වේ. සරිත්, සුරිත් කියපු ගමන් ඔවුන් අප සැමදෙනාගෙම මතකයට නැගේ.අද වන විට රටම ආදරය කරන චරිතයක් බවට පත් වන්නට මොවුන් සමත් වනවා.
සංගීත වාද්‍ය භාණ්ඩ වෙනස්ම අයුරකින් වාදනය කරන මේ නිවුන් සහෝදරයන් දෙපළ මේ දින වල අපට රූපවාහිනි නාලිකාව ඔස්සේ දැක ගැනීමට හැකි වේ.
01.

ඔවුන් දෙපළ ඇතුළ සංගීත කණ්ඩායමක් මෙම වැඩසටහන ඉතාමත් අපුරුවට සිදු කරන අතර ප්‍රවිණ ගායක ගායිකාවන් මෙම වැඩසටහන සදහා සහභාගී වීමත් ඔවුන්ගේ ගීත සදහා වෙනස්ම අයුරකින් වාදනය සැපයීමත් මොවුන් දෙපළ ඇතුළු සංගීත කණ්ඩායම ඉතාමත් අපුරු විදිහට සිදු කරයි.
පුංචි වයසේදීම ගිටාර් එක ඩ්‍රම් එක ඔවුන්ටම අවේණික වු ශෛලයකින් වාදනය කිරීමට මොවුන් දෙපළ උපන් හපන්කම් දක්වනවා. 2012 වසරේදි සිරස නාලිකාවේ විකාශය වු තරගාවලියක් ඔස්සේ ඔවුන් දෙපළ වයස අවුරුදු 12 දී රටේම ආදරය නිදා ගැනීමට සමත් වනවා.
02.

ඔවුන් දෙපළගේ පියා සංගීතයට සමම්බන්ධ පුද්ගලයෙකු නිසා කුඩා වයසේදීම සංගීතය දෙසට යොමු වීම දක්නට ලැබෙනවා. සංගීතයෙන් ලොකු ගමනක් යැමට ඔවුන් කුඩා වයසේ සිටම හීනයක් වු බවත් ඔවුන් මතක් කර සිටියා.
ඔවුන් දෙපළගේ මුලික වාද්‍ය භාණ්ඩ වන ගිටාර් එක හා ඩ්‍රම් එක ඔවුන්ටම අවේණික වු විලාශයෙන් වාදනය කිරීම සැබැවින්ම කාගෙත් සිත් ගන්නා කරුණක් වේ. අද වන විට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් සමග කටයුතු කිරීමට ලැබීම ගැන ඔවුන් සදහන් කරේ මේ ආකාරයටයි.
03.

අපි රූපවාහිනියේ දැකලා තිබුණු අයත් එක්ක එකට වාදනය කරන්න ඒ හරහා අපට අවස්ථාව ලැබුණා. ඒක අමුතුම හැඟීමක්’ඉදිරියේදි අපේ රටේ සංගීත කලාවට අලුත්ම දෙයක් එකතු කිරීමට සරිත්, සුරිත් අයියා මලෝ දෙපළට හැකි වේවා යැයි ප්‍රේක්ෂක අපි ප්‍රාර්ථනා කරමු.
04.









