උණුසුම් පුවත්තරු ගොසිප්

අද කාලේ බොහෝ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වල නිශ්චිත තිරපිටපතක් නැහැ, ඩග්ලස් රණසිංහ

දෙරණ නාලිකාවේ විකාශනය වන “සංගීතේ” ටෙලි නාට්‍යයයේ එන අපූරු චරිතයක් වන “ගීත්මාගේ සීයා” ගේ චරිතය තුළින් ඔබ හමුවට එන ඔහු තමයි ඩග්ලස් රණසිංහ කියලා කියන්නේ.

ඉතා ප්‍රවීන මෙන්න අති දක්ෂ රංගන ශිල්පියෙකු විදියට හැමෝගේම ආදරය ගෞවරය ප්‍රශංසාව දිනා සිටින ඩග්ලස් රණසිංහයන් කිවුවම අපේ මතකයට නැගෙන්නේම සෙනෙහෙබර මෙන්ම නිවුණු චරිතයක ලෙසිනි.

මින් පෙර ඩග්ලස් රණසිංහයන්ගේ වෘත්තිය නම් ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක වනවාට සැක නැත. ඒ නීතීඥ වෘතියයි. ඉතින් ඔහු එවැනි භාරදූර වූ ඔහුගේ නීතීඥ වෘත්තිය ද අතහැර තමයි කලාව තෝරාගන්නේ.

ඒ ඒතරම්ම ඩග්ලස් කලාකරුවාණන් කලාවට ආදරය නිසාවෙනි. චරිතාංග රංගන ශිල්පියෙකු විදියට හඳුන්වන්ට පුලුවන් ඩග්ලස් කලාකරුවාණන් අද වන විට බොහෝ ආදරණීය චරිතයයන් තුළින් අප සිත් ලැඟුම් ගන්නට තරම් සමත් වී ද තිබෙනවා.

ඕනෑම චරිතයක් කිසිම අභියෝගයකින් තොරව භාරගන්නා සැබෑ ආදරණීය කලාකරුවෙකු විදියට හැඳින්විය හැකි ඩග්ලස් කලාකරුවාණන් විසින් භාරගන්නා චරිතයන්ට ඔහු විසින් නොපිරිහෙලාම සාධාරණයන් ඉටු කරනා අතර,

ඉතින් මේ දවස්වල නම් මොහු “සංගීතේ” ටෙලි නාට්‍යයත් සමඟින් තමයි කාර්යබහුල වී සිටින්නේ. තවද පහුගිය දවස්වල අලුත් සිනමාපටයන් කිහිපයක ද රංගනයේ යෙදුණු මේ සැබෑ ආදරණීය කලාකරුවා මෙන්න මේ වගේ කථාවක් තමයි කියන්නේ.

මං පහුගිය කාලේ නම් “සංගීතේ” ටෙලි නාට්‍යයට පොඩි විරාමයක් දුන්නා. ඒකයි මාව රසිකයින් අතරේ පේන්න හිටියේ නැත්තේ. නමුදු ආයෙමත් “සංගීතේ” වැඩ පටන් ගෙන මේ දවස්වල කරගෙන යනවා.

ඒ වගේම මං අධ්‍යක්ෂණයක් සිදු කළත් මහන්සිවෙලා කැපවෙලා තමයි ඒ දේ කරන්නේ. ඒ වුණත් චැනල් වල ප්‍රචාරය කරන්න හරිම ආමාරුයි.

ඒ මොකද දන්නවා ද?.

දැන් අලුතෙන් ටෙලි නාට්‍යයක් එන්නට ඇති ඉඩකඩ සීමා වෙන විදියටයි නාලිකාවන් පවා හැඩගැහිලා තියෙන්නේ. ඒ වගේම “සංගීතේ” ටෙලි නාට්‍යය මෙගා නාට්‍යයක් විදියට තෝරාගත්තු එකක් නම් නෙවෙයි මං. සාරංග මෙන්ඩිස් එක්කත් මං වැඩ කරලා තියනවා මින් පෙර.

සාරංග මට මේ නාට්‍යයට කථා කරා. ඉතින් මං වැඩි දුර නොහිතා වැඩේ බාර ගත්තා. දැන් නම් හැබැයි “සංගීතේ” මෙගා නාට්‍යයක් බවට පත් වී හමාරයි.

මෙගා නාට්‍යයන් වල හොඳ නරක දෙපැත්තක්ම තියෙනවා. ඒ වුණත් කියන්න සතුටුයි ඉන්දියාවේ තරම් අපේ රටේ නිෂ්පාදිත මෙගා නාට්‍යයන් පහත් මට්ටමට වැටිල නැති නිසා”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button