අහුලගත්ත ගොසිප්

ගොඩක් අය මගේ දිහා බලන් ඉඳල තමයි මට විවේචන කරන්නේ ඒක මට සතුටක්

නිරන්තරයෙන් සමාජ මාධ්‍යන් තුල කතා බහට ලක්වන, පුවත් මවන තරැණියක වන ඇය රංගනයට මෙන්ම නිවේදනයට ද දස්කම් දක්වන අතර ඇය අති දක්ෂ, ජනප්‍රිය, සුරූපී රංගන ශිල්පිනියක මෙන්ම නිරූපණ ශිල්පිනියක ද වන යුරේනි නොෂිකා යි.

වැඩි වශයෙන් ඇදුම් විලාසිතාවන් නිසා කතාබහට ලක්වන ඇයගේ විලාසිතාවන්ට බොහෝ දෙනකු හොඳ ප්‍රතිචාර දැක්වුවද තවත් සුළු පිරිසකගෙන් නරක ප්‍රතිචාරයන් ද ලැබෙන බව ඔබත් දන්නවා ඇති.

කෙසේ නමුත් කවුරු කුමන මත දැරුවද ඇය නම් පවසන්නේ ඇය සාරියේ සිට ඉතා කෙටි ඇඳුම දක්වා විලාසිතාවන් කර ඇති බැවින් ඇයට වයස අවුරුදු 80 පැන්නත් කවුරු කුමක් කිව්වත් විලාසිතාවන් කරන එක අත් නොහරින බවයි.

ඒ වගේම ඇය කලා ක්ෂේත්‍රයට පා තබා මේ වන විට වසර පහළවක පමණ කාලයක් වන අතර එම කාල සීමාව තුළ ඇය උපයාගත් ප්‍රේක්ෂක ආදරය මෙතෙකැයි කියන්න බැරි තරම්.

ඒ වගේම ඇයට අකමැති, ඇයව විවේචනය කරන අතළොස්සක් පිරිස වෙත යුරේනි කියා සිටින්නේ ඇය එම විවේචනයන් තුළින් තව තවත් ශක්තිමත් වූ බව හා ඇයව කිසිවෙකුටත් වැට්ටවිය නොහැකි බවයි.

ඉතා අහඹු ලෙස රංගන වරම් හිමිකර ගන්නා යුරේනි කුඩා කල සිහින දැක ඇත්තේ නීතිඥවරියක වීමට බවයි ඇය කියා සිටියේ.ඒ වගේම ඇක්ෂන් චරිතයන්,එඩිතර කාන්තා චරිතයන්ට පණ පෙවීමට ප්‍රිය කරන ඇය කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුළ නම් එය සිහිනයක්ම පමණක් බවයි.

තරුණයින්ගේ ආකර්ෂණය ඉතා ඉහළින් ලැබුණත් තවමත් තනිකඩ දිවියක් ගත කරන මේ සුරූපී රංගන ශිල්පිනියගේ දිවියේ ඇය ප්‍රිය කරන තරුණයන් මින් පෙර සිටිය ද යම් යම් හේතූන් මත ඒ කිසිවක් සාර්ථක නොවූ බව හා ගැලපෙන සහකරුවකු ඉදිරියේ දී ලැබුණහොත් භාරගන්නා බවයි

ඇය කියා සිටියේ්. ඉතින් ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන මේ දඟකාර යුවතිය යුරේනි නොෂිකාගේ අනාගතයට අපි සුභ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button