අහුලගත්ත ගොසිප්

විශ්ව ආදරණිය පවුලත් එක්ක කරපු ආදරණිය ෂුට් එක

පියාගේ ආභාෂය, මගපෙන්වීම යටතේ කුඩා කල සිට රංගනය හා සම්බන්ධව කටයුතු කරන ඔහු මේ වන විට තරුණ ,කඩවසම්, ජනප්‍රිය රංගන ශිල්පියෙක්.

පුංචි තිරයේ පෙම්වතා යන අනුවර්ත නාමයෙන් පිදුම් ලබන ඔහු අති විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා සිටින අති දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පී විශ්ව කොඩිකාරයි.

දක්ෂ අධ්‍යක්ෂවරයෙකු වන ඔහුගේ පියාගේ නිර්මාණයන් සඳහා කුඩා කල සිට රංගනයෙන් දායක වී ඇති විශ්ව රංගනයට අමතරව නර්තනයට හා ගායනයට ද දස්කම් දක්වන අතර,

ඔහු එදා මෙන්ම අදටත් තම කඩවසම්, තරුණ රුව එලෙසටම රැක ගෙන පැමිණ තිබෙන රංගන ශිල්පීන් කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති.

ඒ නිසාම අදටත් පුංචි තිරයේ පෙම්වතාගෙ චරිතය ට හිමිකම් කියන්නේ ඔහුයි. මේ වන විට ටෙළි නිර්මාණයන් රාශියකට තම රංගන දායකත්වය දක්වමින් ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළින් දිනා සිටින ඔහු මේ වන විට සුන්දර විවාහ දිවියක් ගත කරන අතර ඔහු අත ගන්නේ සුරූපී තරුණියක වන එරන්දි සමගයි.

ඒ වගේම සුරතල් පුංචි දියණියක සහ පුතකු ගේ ආදරණීය පියකු ලෙස පිය පදවිය ද ලබා සිටින ඔහු නිරන්තරයෙන්ම තම ආදරණීය බිරිඳ සහ පුංචි පවුල ගැන කතා කරන්නේ නිහතමානී ආඩම්බරයකින් යුතුවයි.

එකිනෙකට වෙනස් වූ පෙම්වතුන් ගේ චරිතයන් නිරූපණය කර ඇති විශ්ව ගේ ප්‍රියතම රංගන ශිල්පියා රංජන් රාමනායක බවයි අපට දැනගන්න ලැබුණේ.

රන්ජන් රාමනායක වැනි දක්ෂ රංගන ශිල්පියකු වීමට මෙන්ම පියා මෙන් දක්ෂ අධ්‍යක්ෂක වරයකු ද වීමට ප්‍රිය කරන විශ්ව කියා සිටින්නේ අධ්‍යක්ෂක වරයෙකු වීමට ප්‍රිය කළත් තවමත් මේ එයට කාලය නොවන බවයි.

ඉතින් පසුගිය දිනක මේ කඩවසම් රංගන ශිල්පියා සහ ඔහුගේ ආදරණීය බිරිඳ, පුංචි පුතු සහ දියණියත් සමග අලංකාර photo shoot එකක් සදහා පෙනී සිට තිබෙනු අපට දක්නට ලැබුණා.

එම අවස්ථාවේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කිරීමට ඔවුන් සඳහා ආකර්ෂණීය ලෙස ඇඳුම් නිර්මාණය කර දී තිබුණේ praneeth ranaweera design wear වන අතර,

එම අවස්ථා ඉතා දැකුම්කළු අයුරින් කැමරා කාචයට හසුකර ගෙන තිබුණේ දක්ෂ කැමරා කරන ශිල්පියෙකු වන studio rupamansala හි ප්‍රියන්ක රත්නායක විසිනුයි. ඉතින් ඒ සුන්දර අවස්ථාව ඔබත් සමග බෙදා ගන්නයි අපි සිතුවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button