පාසලේදී දක්ෂ හොකී ක්‍රීඩිකාවක් වු ටිෂානි “චලෝ” ටෙලිනාට්‍යයේ පාපන්දු ක්‍රීඩිකාවක් වුනේ මෙහෙමයි

බොහෝ දෙනකු අමතක නොකර මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන සුන්දර කතාවක් තේමා කරගත් “චලෝ” ටෙලිනාට්‍ය නරඹනවා.
ගැමි සුන්දරත්වය එක්වූ ගම්බද පාසලක සිසුවියන් පාපන්දු ක්‍රීඩාව සම්බන්ධ කතාවක් තේමා කරගනිමින් දිගහැරෙන මේ සුන්දර ටෙලිනාට්‍ය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ට අමතරව රංගනයට අලුත් නවක මුහුණු ගණනාවක් දක්නට ලැබෙනවා.
එම නවක මුහුණු අතර ටෙලිනාට්‍යයේ බිංචිගේ චරිතයද වනවා. බිංචිගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ නවක රංගන ශිල්පිනියක් වන ටිෂානි දිසානායක විසිනි.
උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන මේ සුන්දර යුවතිය ජල ටෙලිනාට්‍ය හා සම්බන්ධ වන්නේ එම ටෙලි නාට්‍යයට චරිත තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය ඔස්සේය.
දුප්පත් පවුලක පාපන්දු ක්‍රීඩාව සිදුකරන පාසැල් පාසල් ශිෂ්‍යාවක ගේ චරිතයක් මෙම බිංචි ගේ චරිතය තුළින් නිරූපණය කරනු ලබනවා. ටිෂානි දිසානායකගේ පළමු රංගන අත්දැකීම වන්නේ මෙම චලෝ ටෙලිනාට්‍යයේ බිංචි ගේ චරිතයයි.
කුඩා කාලයේ සිට ම රංගන ශිල්පිනියක් වීමේ ආශාවෙන් සිටි ඇයට කෙසේ හෝ රංගන කටයුතු සඳහා පිවිසීමට අවස්ථාව උදාවී ඇති අතර,
මෙම ටෙලි නාට්‍යය නිසාම ඇයට නව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබී ඇති අතර ඉදිරියේදී එම කටයුතු සඳහා සහභාගි වීමට ද බලාපොරොත්තු වන බව ඇය පවසා තිබුණා.

චලෝටෙලිනාට්‍ය තුළ පාපන්දු ක්‍රීඩිකාවක් වශයෙන් ඇය රංගනයෙන් දායක වුවත් සැබැවින්ම ඇය පාසල් හොකී ක්‍රීඩිකාවක් වශයෙන් විශාල ජයග්‍රහණ රැසක් දිනාගත් දක්ෂ ක්‍රීඩිකාවක් වනවා.
හොකී ක්‍රීඩිකාවක් වශයෙන් ඇය ලැබූ අත්දැකීම් මෙම චරිත නිරූපණයට ඉවහල් වූ බවත් ඇය පවසා තිබුනා.
ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට රංගන දායකත්වය ලබා දීමට ඇයට ආරාධනා ලැබී ඇති අතර එම කටයුතු සඳහා ඉදිරියේ දී සහභාගිවීමටත් ඇය කියූ උසස් අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමටත් බලාපොරොත්තු වන බව ඇය කියා සිටියා.
විස්තර ලබා ගැනීම – ‘සාරවිට’ ඇසුරිනි








