ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

මෙරට සිනමාවේ මෙහෙණින් වහන්සේලාගේ චරිත නිරුපණයට දායකත්වය දැක්වු රංගන ශිල්පිනියන්

අපේ රටේ සිනමාවට දිගු ඉතිහාසයක් පවතිනවා. විවිධ සිනමා කෘති තුළින් එහි රග දැක්වු චරිත ඔස්සේ සිනමා ප්‍රෙක්ෂයන් අතර ජනාධරයට පාත්‍ර‍වු අපේ රටේ රංගන ශිලපීන් වාගේම රංගන ශිල්පිනියන් රැසක් සිටිනවා.

බෞද්ධ ඉතිහාසය හා සමබන්ධ අතීත කතා සිනමා පට ලෙස පසුගිය කාල වලදී ජනතාව අතර පැමිණි අතර ඒ ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක පිරිසකට අපේ රටේ අතීතය පිළිබද ඇති වු ගෞරවය හේතුකොට ගෙන මෙම අතීත කතා හා සම්බන්ධ සිනමා කෘති නැරඹිමට යොමු වුනා.

මේ කතා මාලාවල් තුලින් එහි ගැබ් වු විවිධ චරිත ප්‍රේක්ෂකයාගේ සිත් ඇදබැද තබා ගැනීමට සමත් වුනා. එහිදිමෙහෙණින් වහන්සේලාගේ චරිත නිරූපණය කළ අපේ රටේ රංගන ශිල්පිනියන් ප්‍ර‍ධාන තැනක් ලනු ලබනවා.

1. මාලිනී ෆොන්සේකා

මෙරට සිනමාවේ අමතක නොවන මතකනයන් රැසක් ඉතිරි කළ මාලිනී ෆොන්සේකා මහත්මිය මෙහෙණින් වහන්සේගේ චරියකින් ප්‍රේක්ෂකයා අතරට යන්නේ ‘උප්පලවණ්ණා’ චිත්‍රපටය තුළිනි. එහිදි ඇය වැඩිහිටි මෙහෙණි වහන්සේගේ චරිතයක් නිරුපණය කරනු ලබනවා.

2. සංගීතා වීරරත්න

‘උප්පලවණ්ණා’ චිත්‍රපටයේ අමතක නොවන උප්පලවණ්ණා තෙරණියගේ චරිතයට පණ පෙවු සංගීතා වීරරත්න එම කතාව වෙනුවෙන් කැප කිරීමක් වශයෙන් තමන්ගේ හිසකෙස් මුඩු කිරීම සිදු කරනු ලබනවා. සැබැවින්ම රංගන ශිල්පිනියක් ලෙස ඇය කළ එම කැප කිරීම බොහෝ දෙනා අගය කරනු ලැබුවා.

වේශ නිරූපණය කිරීම මගින් හිස මුඩු කළ ස්වභාවය ලබා ගත හැකි වුවත් උප්පලවණ්ණා තෙරණියගේ උතුම් චරිතය ඇය නිරුපණය කිරිම නිසා එම කැපකිරීමක් ඇය සතුටින් සිදු කරනු ලැබුවා.

3. ඕෂධී හේවාමද්දුම

අපේ රටේ තිරගත වු තවත් එක් වැදගත් සිනමා කෘතියක් ලෙස ‘මහින්දාගමනය’ චිත්‍රපටය පෙන්වා දිය හැක. මේ චිත්‍ර‍පට මාලාවේ ලංකාවේ පළමු තෙරණිය වන අනුලා තෙරණියගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඕෂධී හේවාමද්දුම විසිනි.

මේ චරිතයට සදාරණයක් ඉටු කිරීම සදහා ඇය පේ වු බවත් එම කාලය තුළදී සම්මුඛ සාකච්ඡා හෝ ඡායාරූප සඳහා පෙනී නොසිටිමටත් ඇය කටයුතු කරනු ලැබුවා.

4. සඳලි වැලිකන්න

‘උප්පලවණ්ණා’ චිත්‍රපටය හරහා කුඩා දසසිල් මාතාවකගේ චරිතයක් නිරුපණය කිරීම සඳලි වැලිකන්න විසින් සිදු කරනු ලබනවා. කුඩා සාමණේර හිමිවරුන්ගේ විවිධ චරිත සිනමා ප්‍රේක්ෂකයාට දැක බලා ගැනීඹට හැකි වුවත් දසසිල් මාතාවකගේ චරිතයක් පළමු වරට දැක ගන්නේ ඇයගේ රංගනයෙන් වේ.

5. රුවන්ගි රත්නායක

පුංචි තිරයේ රංගනයන්ගෙන් හදුනාගත් ඇය රිදී තිරයෙන්ද ප්‍රේක්ෂකයන් අතරට එනු ලබනවා. රුවන්ගි රත්නායක වන ඇය බෞද්ධ ඉතිහාසයේ බොහෝ කතා බහට ලක් වු තෙරණියක් වන සුභා තෙරණියගේ චරිත නිරුපණය කරමින් එම චිත්‍ර‍ටයේ සුභා තෙරණියගේ චරිතය ඇය රග දක්වනු ලබන්නේ නිවුණු සහ උපශාන්ත මෙහෙණියකගේ චරිතයකයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button