අහුලගත්ත ගොසිප්

මට නපුරු චරිතයකට ආරාධනා කළොත් මා එය සතුටින් භාර ගන්නවා හෂාන් රත්නායක

අද වන විට අපේ රටේ කලා ක්ෂේත්‍රය වර්ණවත් කරන නවක රංගන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පිනියන් ගණනාවක් සිටින අතර ඉතාමත් කෙටි කාලයක් තුළදී තුලදී ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් රඳවා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.

රංගනයට පිවිසි එවැනි නවක රංගන ශිල්පියෙකු වශයෙන් හෂාන් රත්නායක තරුණ රංගන ශිල්පියා හඳුන්වන්නට පුළුවන්.  මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් නරඹන ඉතාමත් සුන්දර ටෙලි නාට්‍යයක් වන  ගුග්ලි නැමැතිමැති ටෙලිනාට්‍යයේ රදීශ් ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ මේ නවක රංගන ශිල්පියා විසින්ය.

කැලණි විශ්ව විද්යාලය කලමනාකරණ පීඨයේ විද්‍යාඥයකු වශයෙන් ද කටයුතු කරනු ලබනවා. දෙරණ නාලිකාවේ විකාශය වන ධරණී ටෙලි නාට්‍ය තුළද ඔහුගේ රංගනය දැක ගැනීමට හැකි වන අතර,

ඉදිරියේදී විකාශය වීමට නියමිත තවත් අලුත් ටෙලි  නාට්‍යකට ඔහු සම්බන්ධ වී සිටිනවා.ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන මෙම ගුග්ලි ටෙලි නාට්‍යය තුළ ඔහුට රංගනය සඳහා ආරාධනා ලැබෙන්නේ  එම ටෙලි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරයා වන රංගන ශිල්පී මේනක රාජපක්ෂගේ ඇරයුමකට අනුවයි.

රංගන කටයුතුවලට නවකයෙකු වුවත් ඔහු හා රංගන කටයුතු වල දී සහභාගී වන ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගේ සහයෝගය හා මග පෙන්වීම යටතේ රංගන කටයුතු සිදු කරගෙන යන බව ඔහු පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා එක්වෙමින් පවසා තිබුණා.

ඊට අමතරව ඔහු කියා සිටියේ රංගනයේදී නවකයෙකු වශයෙන් විශාල මානසික නිදහසක් අධ්‍යක්ෂකවරයා වවරයා විසින් තමන්ට ලබාදී තිබෙන බවත් සහෝදර බැඳීමෙන් සහ මිත්‍රත්වයෙන් යුතුව සියලු දෙනාම කටයුතු සිදුකරගෙන යන බවත්ය.

අහිංසක පෙම්වතාගේ චරිතයෙන් පමණක් ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙන මොහුට ඉදිරියේදී වෙනස් චරිතයක් ලෙස දුෂ්ඨයාගේ චරිතයට වුවත් ආරාධනා ලැබුණොත් ඒ සතුටින් බාර ගන්නා බවත්,

එම මෙම මාභාර ගන්නා බවත් එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු පවසා තිබුණා. තවමත් පුංචි තිරයේ පමණක් රංගනයේ යෙදෙන මොහු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ කදිර දිව්‍ය රාජයා නැමැති සිනමාපටයට ද සම්බන්ධ වී ඇති අතර ඉදිරියේ දී ම සිනමාපටියේ ඔහුගේ රංගනයන් දැක ගැනීමට ප්‍රේක්ෂකයාට හැකි වනවා.

උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගනිමින් රංගන ශිල්පියෙකු වශයෙන් මෙන්ම නිවේදකයකු වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන මොහුගේ මෙම සියලු කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රේක්ෂක අපි ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.

විස්තර ලබා ගැනීම ‘හදගැස්ම’ ඇසුරිනි

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button