උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

තරුණියන්ගේ ක්‍රෂ් එක ලංකාවේ ශාරුක් ‘චිලී තිලංක’ පොඩි ළමයි එක්ක කරන වැඩේ මෙන්න

අපේ රටේ නම් දරාපු වගේම ප්‍රේක්ෂයන් අතරේ බොහෝ සෙයින් ආදරය ආකර්ෂනය ලබාගන්නට සමත්වුණු අපූරු කඩවසම් පෙනුමක් තියන ප්‍රසිද්ධ ආදරණීය ගායන ශිල්පියෙක් තමයි චිලී තිලංක කියලා කියන්නේ.

ඉතින් චිලී කිවුවම නොදන්න කෙනෙක් නෑ නේ. ඒ වගේම ආදරෙත් ගෞරවයත් නොඅඩුව ලැබෙන සොඳුරු කලාකරුවක් තමයි චිලී කියන්නේ.

ඔන්න ඉතින් ගායන ශිල්පියෙක් විදියට හැමොගේම ආදරය දිනාගනිමින් ලස්සන හඩකින් ගීත ගායනා කරන්නට උපන් හපන් කමක් දැක් වූ චිලී, මේ වෙද්දී රංගන ක්ෂේත්‍රයට ද පා තබන්නට වරම් ලබලා තියනවා.

ඔන්න ඉතින් ඒකට කදිම නිදසුනක් තමයි, චිලී හරි අපූරුවට රංගනයෙන් දායක වන “මේක පුදුම කථාවක්” සිනමා පටය. චිලී ගොඩාක් ආදරය කරන චරිතයක්ලු ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂකවරයා.

ඉතින් එතුමා ළමයින් වෙනුවෙන් නිර්මාණ කරද්දි හිතට වදින්නම දැනෙන්නම තමයිලු නිර්මාණ කරන්නේ. ඉතින් චිලීත් හරිම කැමතියිලු පොඩි අයගේ ෆිල්ම්ස් වලට රංගනයෙන් දායක වෙන්න.

ඔන්න ඉතින් චිලී මේ දවස්වල තවත් අලුත් වැඩකට අතගහලයි තියෙන්නේ. “ඒ අතරතුරේලු චිලීට “මේක පුදුම කථාවක්” චිත්‍රපටියටත් ආරාධනා ලැබිලා තියෙන්නේ” කියලා චිලී කියනවා.

ඉතින් චිලී ඒ ගැන ගොඩක් සතුටු වෙනවාලු. ඔන්න ඉතින් සුනිල් ටී ආදරණීය කලාකරුවාණන්ගේ 73නි නිර්මාණයටත් දායක වෙන්න චිලී ට ආරාධනා ලැබුණාලු. ඉතින් ඒකේ ආරක්ෂක අංශයේ චරිතයක් තමයිලු කරන්න තියෙන්නේ චිලී ට.

ඔන්න ඉතින් ඒ තමයි චිලීගේ 9නි ෆිල්ම් එක. ඔන්න ඉතින් මේ වෙද්දී තවත් චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා තියනවා චිලී හරි අපූරුවට.

එ තමයි “රයිඩර්” කියලා කියන්නේ. ඉතින් “රයිඩර්” එකේ අපේ රටේ ගොඩාක් ප්‍රවීණයන් සනත් ගුණතිලකයන්, රොෂාන් රණවනයන්, රජිත හිරාන් වගේ රංගන ශිල්පීන් එක්ක තමයිලු ඔන්න ඉතින් චිලීට රඟපාන්න තියෙන්නේ එහෙම.

ඔන්න ඉතින් අවුරුදු 1 හමාරක් විතර රටේ තියන කොවිඩ් එක නිසා, කිසිම නිර්මාණයකට දායක වෙන්න නැතිව වැඩ නැතිව ඉන්න සිද්ධ වුණු චිලීට, මේ වෙද්දී නම් ඒ වැඩ නැති කාලෙත් එක්කම වැඩ ගොඩාක් ඇවිත් තියනවාලු.

ඉතින් එක අතකින් චිලී ඒ ගැන සතුටු වෙනවාලු. ඒ වගේම “කලාව කියන දේ තව තවත් වැජබෙන්න නම් ආදරණීය ප්‍රේක්ෂකයින්ගේ ආදරය ගෞරවය නොඅඩුව ලැබෙන්න ඕනේ හැමදාම ප්‍රේක්ෂකයින්ට කලාවත් එක්ක ඉන්න” කියලත් චිලී හරිම ආදරණීයව තමයි කියන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button