ගොසිප් පුවත්තරු ගොසිප්

ඇයගේ පෙනුමෙන් වාගේම රංගන කටයුතු වලින්ද චාම් චරිතයක් බවට පත් වු අනුරාධා එදිරිසිංහ

ජනප්‍රිය තරුණ නිළියක වශයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් තවත් සුන්දර රංගන ශිල්පිනියක් ලෙස අනුරාධා ඉදිරිසිංහ හඳුන්වන්න පුළුවන්.

දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ රාවණා ටෙලිනාට්‍ය ඇයව ප්‍රේක්ෂකයා අතරට ගෙන ගිය රංගනයක් ඇය විසින් ඉදිරිපත් කරන්නට වුණ. ඊට අමතරව ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ අහස් මාලිගා කතා මාලාව ඔස්සේ ද ඇගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වුණා.

ඊට අමතරව වස්සාන සිහිනය, මගේ ආදර අවනඩුව යන ඒ නාට්‍ය ඔස්සේ ද ඔබගේ ඔබේ ආලින්දයට පැමිණේ සුන්දර යුවතිය අද වන විට රසික හදවත් දිනාගැනීමට සමත් රංගන ශිල්පිනියක් වෙනවා.

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පැමිණි ඇයට ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කරමින් රංගන කටයුතු වලින් දැක ගැනීමටද හැකි වනවා.

රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් වන ඇය එම කටයුතු ඔස්සේ රංගන වරම් හිමි විය. සුන්දර නිරුපිකාවක් ලෙසද ඇය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අවස්ථා වල ජනප්‍රිය වු චරිතයක්ද වුනා.

රංගන කටයුතු නිසා පසුගිය කාලය තුළ කාර්යබහුල වී සිටි ඇය නිර්මාණ රැසකින් දැක ගැනීමට හැකි වුණා. පුංචි තිරයේ දී පමණක් මේ සුන්දර රංගන ශිල්පිනිය දැක ගැනීමට හැකි වන අතර සිනමා කටයුතු වලට තවමත් සම්බන්ධ වී නැත.

නමුත් රටේ පවතින මේ තත්ත්වය නිසාත්, ඇය භාරගත්බාරගත් රූගත කිරීම් අවසන් වී ඇති නිසාත් රංගන කටයුතු වලින් ටිකක් ඈත් වී තම නිවසට වී විවේකීව කාලය ගත කරන බවත් මතක් කර සිටියා. සුන්දර අනුරාධාගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button