අහුලගත්ත ගොසිප්

ගායනයට ගියේ සෙල්ලම්බඩු වලට තිබුන ආසාව නිසා

සෙල්ලම් බඩු සඳහා වූ ආසාව නිසාම ගායනයට ගිය ඔහු derana little star තරගාවලියේ අද වෙනකොට මුළු රටක්, මුළු ලොවක් හඳුනන සිහින තරුවක් වී හමාරයි.

පසුගිය දිනක නිමවුණු derana grim ster දස වන අදියරේ ප්‍රථම ස්ථානයට හිමි කිරුළ දිනා ගනිමින් කුඩා කල සිට තම මවගේ සිහිනය සැබෑ කළ ඔහුව මේ වෙනකොට නොහඳුනන කෙනෙක් නැති තරම්.

ඔහු තමයි නාවලපිටියේ සිට පැමිණ තරග වැදුණු දුලංග සම්පත් කියලා කියන්නේ. ඔහු මෙන්ම දක්ෂ තරගකරුවන් දෙදෙනකු පරදවමින් ප්‍රථම ස්ථානය දිනා ගන්නා දුලංග යනු සිහින පසුපස හඹා යන ,තමා පිළිබඳව තමාගේ හැකියාව දක්ෂතාවය විශ්වාස කරන, තමා පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇති, උත්සහවන්ත තරුණයකු කිව්වොත් නිවැරදියි.

එම නිසාම ඔහුගේ මෙන්ම මවගේ හා පියාගේ සිහිනය වූ ජනප්‍රිය ,දක්ෂ ගායකයකු වීමේ සිහිනය සැබැ කර ගන්නා දුලංග කියා සිටියේ කුඩා කල සිට ඔහුගේ ගායන දක්ෂතාවය මුලින්ම හඳුනා ගත්තේ ඔහුගේ මව විසින් බැවින්,

මව ඔහුව කුඩා කල ලිට්ල් ස්ටාර් තරගය සඳහා ද සහභාගි කරවා ඇති අතර එහි පියවරින් පියවර ඉදිරියට යන විට සෙල්ලම් බඩු අරන් දෙනවා යැයි පවසමින් ඔහුව මව විසින් තරගය තුළ රඳවාගෙන සිට ඇති අතර,

සෙල්ලම් බඩු සඳහා ඇති ආශාව නිසාම තරගය සඳහා ඉදිරිපත් ව ඇති දුලංග ලිට්ල් ස්ටාර් තරගාවලියේ දොළොස් දෙනාගේ තරග වටයෙන් ඉවත් වීමට සිදු වූ විට හඬා වැටුණේ ඉන්පසු සෙල්ලම් බඩු අහිමි වන නිසා බවයි කියා සිටියේ.

කුඩා කල සිට සංගීතයට උමතු ලෙස ඇලුම් කර ඇති දුලංග ඔහුට එම ආශාව ඇති කළේ මව විසින් බවයි කියා සිටියේ. ඔහුහා සමානවම මවගේ හා පියාගේ ද සිහිනය සැබෑ කළ මේ ආදරණීය තරුණයා තරගය සඳහා සහභාගීවූ සියලුම දෙනා ඔහු මෙන්ම දක්ෂ, ඔහු මෙන්ම ජයග්‍රහණය කළ තරගකරුවන් බවයි කියා සිටියේ.

සාමාන්‍යය ජීවිතයේ ඉතා නිහතමානී, සරල, අහිංසක මෙන්ම නිහඬ චරිතයක් වන ඔහු තම ආදරණීය මවට සහ පියාට රත්තරන් පුතකු බවයි කියා සිටියේ.

උසස් අධ්‍යාපනය නිම කර සිටින ඔහු තම ගායකයකු වීමේ සිහිනය මේ වන විටත් සැබෑ කරගෙන ඇති අතර ඔහුගේ ඉදිරි ගමනට අපි ද ඔහුට සුභාශිංසන එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button