
දශක දෙකකට අධික කාලයක් පුරාවට ලාංකීය කලා කෙත සංගීතයෙන් අස්වැද්දීමට ඉමහත් දායකත්වයක් ලබාදුන් සුවහසක් ගායන ශිල්පිනියන් අතර ඇයට හිමි වන්නේ සුවිශේෂ වූ ඉහළ ස්ථානයක්.
තමා ලද දැනුම ගුරු මුෂ්ටිය කින් තොරව ඉදිරි පරම්පරාවට දායාද කරමින් වසර ගණනාවක් පුරාවට දෙරණ නාලිකාවේ විකාශය වන “ඩ්රීම් ස්ටාර්” තරගාවලියේ විනිසුරු හසුන හොබවන ඇය ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන ජනප්රිය, අති දක්ෂ ,ප්රවීණ ගායන ශිල්පිනී සමිතා එරන්දති මුදුන් කොටුව යි.
මගේ විතරමයි, පාවෙලා කෝඩු ආකාසේ, ඉර පායා,රණ හංස යුවල… වැනි සුවහසක් රසික සිත් තුළ සදා මතකයේ රැඳෙන ,නිරතුරුවම මුවග මිමිණෙන ගීත රාශියකට උරුමකම් කියන ඇය
මේ වන විට චිරන්ත සමග ප්රේක්ෂක හොඳ ප්රතිචාර මෙන්ම විවේචන මධ්යයේ ඉතා සුන්දර විවාහ දිවියක් අරඹා ඇති බව ඔබට අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.
ඉතින් බොහෝ සතුටින් ආදරයෙන් දිවි ගෙවන මේ යුවළ තම ජීවිතයේ සොඳුරු අවස්ථා සියල්ල ඡායාරූපගත කර ,පටිගත කර සමාජ මාධ්යයන්ට මුදා හරින්නට අමතක කරන්නේ නැහැ.
ඉතින් එලෙස පසුගිය දිනක සමිතා මුදුන්කොටුවගේ ජන්ම දිනය යෙදී තිබුණා. ඇයගේ ආදරණීය සැමියා වන චිරන්ත තම ආදරණීය බිරිඳ සමිතාට සුභ පැතුම් එක්කරමින් සමාජ මාධ්යට පළ කර තිබුණේ ” happy birthday..!!මගේ පන.
මම හැමවෙලේම ප්රාර්ථනා කරන්නේ ඔයා හැම ආත්මික ම මගෙම වෙන්න කියලා. ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම වයිෆ්. මගේ ලස්සන පණ.” ලෙසයි. ඉතින් ඇයගේ ජන්ම දිනයේ අපි ද ඇයට සුබ උපන්දිනයකට ආසිරි එක් කර සිටින්න අමතක කරන්නේ නැහැ.








